Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බේස්බෝල් ලීග් තරග ජනවාරි 15 දක්වා

බේස්බෝල් ලීග් තරග ජනවාරි 15 දක්වා

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික බේස්බෝල් ලීග් තරගාවලිය මේ දින වල දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ මස 22 වැනිදා සිට ජනවාරි මස 15 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට, මේ වසරේ පැවැති පිළිමලූන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලියේ කී‍්‍රඩා කළ කණ්ඩායම් අතුරින් දක්ෂතම කණ්ඩායම් 8 එක්ව සිටිති.

ඉකුත් වසරේ ශූරයන් හා මේ වසරේ පිළිමලූන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයන් වන රණබිම රාජකීය ක‍්‍රීඩා සමාජය අනිකුත් කණ්ඩායම් වලට වඩා ඉදිරියෙන් සිටින අතර ජාතික බේස්බෝල් කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයෝ 5 දෙනක් රණබිම රාජකීය කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කරති.

රණබිම රාජකීය, ඞී. එස්. නයිට්ස්, යුද හමුදාව සහ ෆ්‍රොන්ටියර්ස් කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලියට එක්ව සිටින අතර  ඕල්ඞ් රෝයලිස්ට්, මෙරූන්ස්, ශක්ති හා නාවික හමුදා කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියට එක්ව සිටිති.

 

-036


අදහස් (0)

බේස්බෝල් ලීග් තරග ජනවාරි 15 දක්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.