Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බස්නාහිර පළාත පෙරමුණ ගනී

බස්නාහිර පළාත පෙරමුණ ගනී

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතලිස් එක්වැනි වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තරග ආරම්භ කරමින් පැවැති පිහිනුම් තරග අවසන් වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය. ඒ වන විට බස්නාහිර පළාත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් රන් පදක්කම් 19 ක්, රිදී පදක්කම් 18 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනා ගනු ලැබ සිටියහ.


මධ්‍යම පළාත් කණ්ඩායම රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 9 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් දිනාගෙන පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනා සිටින දකුණු පළාත් කණ්ඩායමට එහි තෙවැනි ස්ථානය හිමිව තිබේ.  


රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා සිටින වයඹ පළාත් කණ්ඩායම 5 වැනි ස්ථානයේත්, ලෝකඩ පදක්කම් 2 ක් පමණක් දිනා සිටින සඹරගමුව පාළාත් කණ්ඩායම 6 වැනි ස්ථානයේත් රැදී සිටියි.


එම පළාත් කණ්ඩායම් හැරුණුකොට අන් කිසිදු පළාත් කණ්ඩායමක් මෙතෙක් පදක්කම් දිනාගැනීමට සමත්වී නැත.


තරගාවලියේ පිහිනුම් තරග සෙනසුරාදා සහ ඉරිදා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්විණ.

 

පළාත රන්  රිදී ලෝකඩ එකතුව
බස්නාහිර 19 18 10 47
මධ්‍යම  14 9 12 35
දකුණ 1 2 5 8
වයඹ 0 3 4 7
සඹරගමු 0 0 2 2

 


අදහස් (0)

බස්නාහිර පළාත පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.