ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය සංවිධානය කරන අන්තර් මධ්‍ය බර ඉසිලීමේ තරගාවලිය මේ මස 25 වැනිදා යාපනය හින්දු බාලිකා විදුහල් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය මේ මස 11 වැනිදා පැවැත්වීමට කලින් කටයුතු කර තිබුණ ද, නොවැළැක්විය හැකි හේතුවක් නිසා තරගාවලිය මේ මස 25 වැනිදා දක්වා කල් දැමීමට සිදු වු බව ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ ලේකම් අරුණ තමෙල් මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
ජාතික බර ඉසිලීමේ තරගාවලියේදී පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙන්ම පසුගිය වසරේ පැවැති මෙම තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගිවිය නොහැකි බව සංවිධායකවරු පවසති.
පිරිමි තරග කිලෝග‍්‍රෑම් 56, 62, 69, 77, 85, 94, 105 සහ කිලෝග‍්‍රෑම් 105 ට වැඩි යන බර පංති අටකින් පැවැත්වෙන අතර කාන්තා තරග කිලෝග‍්‍රෑම් 48, 58, 63, 69, 85, 75 සහ කිලෝග‍්‍රෑම් 75 ට වැඩි යන බර පංති හතකින් පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.