දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (8 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරග වලදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
එහිදී කිලෝග‍්‍රෑම් 105 බර පංතියේ (පිරිමි) රිදී පදක්කම දිනාගැනීමට ශානක මධුසංක සමත් වූ අතර ඔහු ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 130 ක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 170 ක් ඔසවමින් එම රිදී පදක්කමට හිමිකම් කීවේය.
ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 70 ක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 90 ක් ඔසවමින් කිලෝග‍්‍රෑම් 75 බර පංතියේ (කාන්තා) රිදී පදක්කම දිනාගැනීමට සුරංගි වික‍්‍රමසිංහ සමත් වූවාය.
ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 125 ක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 168 ක් එසවූ තුසිත ශ්‍රීමාල්ට කිලෝග‍්‍රෑම් 94 බර පංතියේ (පිරිමි) ලෝකඩ පදක්කම හිමිවිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.