ඇමරිකාවේ හුස්ටන්හිදී දැන් පැවැත්වෙන 40 වැනි බර ඉසිලීමේ ලෝක ශූරතාවලියට සහභාගි වු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තිදෙනාම සිය බර පංතිවල පළමු ක‍්‍රීඩකයන් 20 දෙනා අතරටවත් ඒමට නොහැකිව අන්ත පරාජයක් ලැබුහ.
පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ රන් පදක්කම් ලාභී චින්තන විදානගේ මෙම තරගාවලියේ කිලෝග‍්‍රෑම් 77 බර පංතියෙන් තරග කළේය. තරගයේ නියමිත බර ප‍්‍රමාණය එසවීමට සමත් වු ක‍්‍රීඩකයන් 41 දෙනා අතුරින් විදානගේ 39 වැනි ස්ථානයට පත්වූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කිසිවකු බලාපොරොත්තු නොවූ විලසිනි.
ස්නැච් ක‍්‍රමයෙන් කිලෝග‍්‍රෑම් 130 ක් එසවූ චින්තන ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයෙන් 160 ක් ලෙස කිලෝග‍්‍රෑම් 290 ක් එසවීමට සමත්විය.
කිලෝග‍්‍රෑම් 62 බර පංතියෙන් තරග කළ සුදේෂ් පීරිස්, සම්පුර්ණ බර ප‍්‍රමාණය එසවු ක‍්‍රීඩකයන් 45 දෙනකුගෙන් 36 වැනි ස්ථානය ලැබීය. ඔහු ස්නැච් ක‍්‍රමයෙන් කිලෝග‍්‍රෑම් 118 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයෙන් 145 ක් ලෙස කිලෝග‍්‍රෑම් 263 ක් එසවීය.
ඉන්දික දිසානායක කිලෝග‍්‍රෑම් 69 බර පංතියෙන් තරග කළ අතර ඔහුට එසවීමට හැකිවුයේ ස්නැච් ක‍්‍රමයෙන් (කිලෝග‍්‍රෑම් 128) පමණි.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.