හතලිස් තුන් වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය.
මෙම පිහිනුම් තරගාවලිය දින 2 ක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති අතර රන් පදක්කම් 23 ක්, රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් සමග පදක්කම් 58 ක් දිනාගනිමින් බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්ත ශූරතාවට හිමිකම් කීහ.
රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් සමග පදක්කම් 24 ක් දිනාගත් මධ්‍යම පළාත් කණ්ඩායම තරගාවලියේ සමස්ත අනුශූරතාවට හිමිකම් කීවේය.
සබරගමු පළාත් කණ්ඩායම තරගාවලියේ තෙවැනි ස්ථානයට හිමිකම් කීවේ රන් පදක්කමක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් සමග පදක්කම් 5 ක් දිනාගනිමිනි.
මෙවර තරගාවලියේදී නව තරගාවලි වාර්තා 17 ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහෙත් වයඹ පළාත් කණ්ඩායම සහ දකුණු පළාත් කණ්ඩායම එහිදී එක් රන් පදක්කමක් හෝ දිනාගැනීමට අපොහොසත් විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.