Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පිහිනුම් නව වාර්තා 9 ක්

පිහිනුම් නව වාර්තා 9 ක්

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතළිස් එක්වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ පිහිනුම් තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (ඉරිදා) නව තරග වාර්තා 4 ක් පිහිටුවන ලදි. ඒ අනුව පෙරේදා පිහිටුවන ලද වාර්තා 5 ද සමගින් තරගාවලිය අවසන් වන විට නව වාර්තා 9 ක් බිහිවී තිබිණ.


ඉරිදා බිහිවූ පළමු තරග වාර්තාවට හිමිකම් කීමට මධ්‍යම පළාතේ අයි. එම්. අබේරත්න සමත් වූ අතර පිරිමි මීටර් 1500 නිදහස් ආර ඉසව්ව විනාඩි 18.12:64 කින් අවසන් කරමින් ඔහු එම වාර්තාව පිහිටුවීය. විනාඩි 18.19:61 කින් තරගය අවසන් කරමින් බස්නාහිර පළාතේ එස්. මධුරගනන් 2006 වසරේදී එහි පැරණි වාර්තාව පිහිටුවා තිබිණ.


2012 වසරේදී මීටර් 400 කාන්තා නිදහස් ආර ඉසව්ව විනාඩි 5.01:20 කින් නිමා කරමින් බස්නාහිර පළාතේ එම්. රහීම් පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමට බස්නාහිර පළාතේම කී‍්‍රඩිකාවක වූ ජේ. යූ. අයි. සිල්වා සමත් වූවාය. ඒ සඳහා ඇයට විනාඩි 4.59:84 ක කාලයක් වැය වී තිබිණ.


විනාඩි 2.12:11 කින් මීටර් 200 පිරිමි සමනළ ආර තරගය නිමාකළ මධ්‍යම පළාතේ කේ. පී. ද සිල්වා එම ඉසව්වේ පැරණි වාර්තාව (විනාඩි 2.19:95) බිඳ දැමීමට සමත් විය. එහි පැරණි වාර්තාව 1997 වසරේදී ජෙෆාරි. දුලපන්දන් විසින් පිහිටුවා තිබිණ.


මීටර් 200X4 පිරිමි නිදහස් ආර සහය පිහිනුම් තරගය විනාඩි 1.44:99 කින් නිමා කරමින් 2009 වසරේදී මධ්‍යම පළාත් කණ්ඩායම පිහිටුවා තිබූ වාර්තාවද ඉරිදා බිඳ වැටුණ අතර එහි නව වාර්තාවට (විනාඩි 1.43:00) හිමිකම් කීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය. රනිඳු ජයතිලක, යහියා ජෆාර්, රාහුල් සමරකෝන් සහ දිලංක ෂෙහාන් එම තරගයේදී බස්නාහිර පළාත් කණ්ඩායම නියෝජනය කළහ.

 


අදහස් (0)

පිහිනුම් නව වාර්තා 9 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.