ශ්රී ලංකා පාසල් ජල ක‍්‍රීඩා සංගමය 42 වැනි වරටත් සංවිිධානය කරන සමස්ත ලංකා පාසල් (බාලක/බාලිකා) කෙටි දුර පිහිනුම් තරගාවලිය සදහා අයදුම්පත් මේ මස 30 වැනිදා දක්වා බාර ගැනේ.
සිය අයදුම්පත් තරගාවලි ලේකම් මහේන්ද්‍ර ගුණරත්න මහතා, ශ‍්‍රී ලංකා පාසල් ජල ක‍්‍රීඩා සංගමය, ලූම්බිණි විද්‍යාලය, කොළඹ 05 ලිපිනයට යොමු කළ යුතුය. තරගාවලිය ජුනි මස 18 සිට 21 දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වීමට නියමිතය.
කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශ දෙක යටතේ පිහිනුම් තරගාවලිය පැවැත්වෙන අතර වයස 9න් පහළ 11 න් පහළ, 13 න් පහළ වයස් කාණ්ඩ කනිෂ්ඨ අංශය යටතේ පැවැත්වේ. එම අංශයෙන් පාසල් පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පදක්කම් පිරිනැමෙන අතර පරිසාධක මට්ටමට පැමිණීම වෙනුවෙන් සහතිකපත් පිරිනැමේ.
වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ ජ්‍යෙෂ්ඨ අංශ යටතේ පැවැත්වේ. එම වයස් කාණ්ඩවල ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පමණක් පදක්කම් පිරිනැමේ.
තරගාවලිය පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකා පාසල් ජල ක‍්‍රීඩා සංගමයේ සභාපති එම්. ඕ. ජී. පී පණ්ඩිතරත්න (077-8166000), ලේකම් මල්කා ජයසිංහ (077-3824046), භාණ්ඩාගාරික කේ ජානක ලාල් (071-4399767) හෝ තරගාවලියේ ලේකම් මහේන්ද්‍ර ගුණරත්න (077-7821378) අමතා ලබා ගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.