බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති වයස 18 න් පහළ දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේ (පිරිමි) ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (2) සමත්වුහ. නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව පමණක් සහභාගි වු මෙම තරගාවලියේ ඉන්දියාවට සහ නේපාලයට පරාජය වු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමිවිය.
ඉන්දියාව හමුවේ ලකුණු 121-52 ක දැවැන්ත පරාජයක් ලැබු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 64-60 කින් පරදවා ලෝකඩ පදක්කම හිමිකර ගත්හ. පළමු තරගයේදී නේපාලය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 65-64 ක අනපේක්ෂිත පරාජයක් ලැබීය.
තහීර් අක්බර් අලි ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෝ 12 දෙනෙක් ඇතුළත් වුහ. මෙම තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ක්‍රීඩකයන් කිහිපදෙනකුට අසාධාරණයක් සිදු වී ඇතැයි පැසිපන්දු තේරීම් කමිටුවට චෝදනා එල්ලවීම නිසා ක්‍රීඩා ඇමැතිවරයා පරීක්ෂණයක් පවා පැවැත්වීය.
කෙසේ වෙතත් තේරීම් පරීක්ෂණ නිවැරදි ලෙස සිදුව ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය දැනුම්දීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරග සංචාරයට සහභාගිවීමේ අවස්ථාව හිමිවිය.
දකුණු ආසියානු පැසිපන්දු සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලියේ රන් පදක්කම ඉන්දියාව දිනාගත් අතර නේපාලය රිදී පදක්කම දිනා ගත්තේය. රන් පදක්කම දිනාගත් ඉන්දියාවට වයස 18 න් පහළ ආසියානු පැසිපන්දු තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිවිය.
ලෝකඩ පදක්කම් ලාභී ශ්‍රී ලංකා කණ්ඩායම:
තහීර් අක්බර් අලි (නායක), ෂෙවොන් පෙරේරා, ඒඞ්රියන් ගුණවර්ධන, උවිදු කාරියවසම්, ශිවංග ද සිල්වා, නිමේෂ් කුලතුංග, රසාන් පෙරේරා, රුක්ෂාන් අතපත්තු, ආනල්ඞ් බ්‍රෙන්ට්, චිරාත් මාතරගේ, ෂෙනුක ද සිල්වා සහ ඩිල්රුක් මෛත්‍රී
ලෝකඩ පදක්කම් ලාභී ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.