Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැසිපන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි

පැසිපන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පස්වැනි වරටත් පැවැත්වෙන ශාන්ත එව්ජින් අනුස්මරණ කුසලාන පැසිපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙතින් අයැදුම්පත් කැඳවනු ලැබේ. තරගාවලිය නොවැම්බර් මස 8, 9 සහ 10 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

එක් කණ්ඩායමකට කී‍්‍රඩකයන් 5 දෙනා බැගින් වූ ‘බී’ කාණ්ඩයේ අන්තර් කී‍්‍රඩා සමාජ පැසිපන්දු තරගාවලියට හෝ අන්තර්සමාජ නැතහොත් වෙළෙඳ සේවා ‘ඒ’ කොටසේ පැසිපන්දු තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයන්ට ශාන්ත එව්ජින් අනුස්මරණ කුසලාන තරගාවලියට ඉදිරිපත් විය නොහැකිය. එහෙත් කාන්තා තරගාවලිය සෑම කී‍්‍රඩිකාවකටම විවෘත තරගාවලියක් ලෙස පැවැත්වේ.

වසර 1999 ජනවාරි මස 1 වැනිදායින් පසුව උපත ලද කී‍්‍රඩකයන් සඳහා කී‍්‍රඩකයන් 15 දෙනකුගේ පැසිපන්දු තරගාවලියක් පැවැත්වීමටද ශාන්ත එව්ජින් පැසිපන්දු සංගමය කටයුතු යොදා තිබේ.

තරගාවලියට සහභාගි වීමට කැමති කී‍්‍රඩකයන් සහ කී‍්‍රඩා සමාජ දුරකතන අංක 0777 713400 ඔස්සේ තරගාවලි ලේකම් ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

 


අදහස් (0)

පැසිපන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.