Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැසිපන්දු තරගාවලිය ජූනි 6 දා සිට

පැසිපන්දු තරගාවලිය ජූනි 6 දා සිට

Dilrukshi - 2015 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප‍්‍රවීණයන්ගේ පැසිපන්දු සංගමය දෙවැනි වරටත් සංවිධානය කරන පාසල් අදි ශිෂ්‍ය සහ ආදි ශිෂ්‍යා පැසිපන්දු තරගාවලිය ජූනි මස 6 සහ 7 යන දින වලදී කොළඹ 7, වෙළෙඳ සේවා කි‍්‍රකට් සංගම් පැසිපන්දු පිටියේදී ආරම්භවේ.තරගාවලියේ පළමු වටයේ තරග ජූනි මස සෑම සති අන්තයකදීම (13/14, 20/21 සහ 27/28) එම කී‍්‍රඩා පිටියේදීම පැවැත්වේ.

එහි අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගය ලබන ජූලි මස 4 සහ 5 යන දින වලදී තෝරාගන්නා ලද ගෘහස්ථ කී‍්‍රඩාංගණයක විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වීමට සැළසුම් කර තිබේ.පිරිමි තරග වයස 35 ට වැඩි, 40 ට වැඩි සහ 50 ට වැඩි වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන අතර කාන්තා තරග වයස 28 ට වැඩි සහ 35 ට වැඩි වයස් කාණ්ඩ යටතේ පැවැත්වේ.

තරගාවලියේ අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඊට සහභාගී වීමට කැමති අදි ශිෂ්‍ය සහ ආදි ශිෂ්‍යා පැසිපන්දු කණ්ඩායම් සිය අයැදුම්පත්, තුසිත ද සිල්වා, භාණ්ඩාගාරික, ප‍්‍රවීණයන්ගේ පැසිපන්දු සංගමය, නො. 37 කාසල් වීදිය, කොළඹ 8’ ලිපිනයට මේ මස 31 වැනිදාට පෙර යොමුකළ යුතුය.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී වත්තල ආදි අන්තෝනියන් පිල පිරිමි 35 ට වැඩි වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගත් අතර අම්බලන්ගොඩ ආදි සෝකියන්ස් පිල විසින් පිරිමි 40 ට වැඩි වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා ලදි. බම්බලපිටිය ආදි පීටරයිට්ස් පිල පිරිමි 50 ට වැඩි වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගත්තේය.එහිදී කාන්තා 28 ට වැඩි වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත් වූයේ ආදි පෝලියන්ස් පිලයි.  

 


අදහස් (0)

පැසිපන්දු තරගාවලිය ජූනි 6 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.