Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැසිපන්දු ශූරතාවලියට ලියාපදිංචිය 18 වැනිදා

පැසිපන්දු ශූරතාවලියට ලියාපදිංචිය 18 වැනිදා

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි වරට පැවැත්වෙන 3 - 3 නිදහස් ආර පැසිපන්දු ශූරතාවලිය මේ මස 28 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා කොළඹ හෙන්රි පේද්‍රිස් කි‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ප‍්‍රධාන කාණ්ඩය, විවෘත කාණ්ඩය සහ ප‍්‍රවීන කාණ්ඩය ලෙස කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වීමට සංවිධායකයන් පියවර ගෙන ඇත.

ජාතික මට්ටමේ ‘ඒ’ කාණ්ඩය නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ප‍්‍රධාන කාණ්ඩය යටතේද, වයස අවුරුදු 19 සහ ඊට වැඩි ‘බී’ කාණ්ඩය නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විවෘත කාණ්ඩය යටතේද තරග වැදිය යුතුය.

ප‍්‍රවීන කාණ්ඩය යටතේ තරග වදින කී‍්‍රඩකයන් වයස අවුරුදු 40 ට වැඩි වියයුතු අතර එම කාණ්ඩයේ කී‍්‍රඩිකාවන් සඳහා වයස් සීමාවක් නොමැත.
තරගාවලියේ කණ්ඩායම් ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (18 වැනිදා) පැවැත්වෙන අතර 28, 01 සහ 02 යන දින වල පස්වරු 5.00 සිට තරග පැවැත්වේ.

036


අදහස් (0)

පැසිපන්දු ශූරතාවලියට ලියාපදිංචිය 18 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.