ශ්‍රී ලංකා යුද හමුදාවේ පැරා පාපැදි සහ රෝද පුටු තරගය සැප්තැම්බර් 15 දා පෙ.ව 7.00 ට රත්නපුර නගර ශාලාව අසලින් ආරම්භ කිරීමට විධි විධාන යොදා ඇත.
රත්නපුර කුරුවිට ගැමුණු හේවා බලකා මූලස්ථානය මෙම තරග සංවිධානය කරන අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ රත්නපුර දිස්ත්‍රික් පාපැදි සංගමය එයට අධීක්ෂණ දායකත්වය ලබාදෙයි.
පැරා පාපැදි තරගය කිලෝමීටර් 56කි. එම තරගය රත්නපුර නගර ශාලාව අසලින් ආරම්භ වී පැල්මඩුල්ල දක්වා ගොස් නැවත ආරම්භක ස්ථානයෙන් අවසන් කෙරෙනු ඇත.
රෝද පුටු තරගය කිලෝ මීටර 23 ක් වන අතර පරකඩුව සිට රත්නපුර නගර ශාලාව දක්වා එහි තරග ගමන් මාර්ගය වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.