Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් හොකී සංගමයේ සභාපති දම්පිය

පාසල් හොකී සංගමයේ සභාපති දම්පිය

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ සභාපතිවරයා ලෙස මාතලේ ශාන්ත තෝමස් විදුහලේ විදුහල්පති දම්පිය වනසිංහ මහතා නිතරගයෙන් පත්විය. මාතලේ විජය විදුහලේ අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා ද ලේකම්වරයා ලෙස පත් වුයේ නිතරගයෙනි.

පාසල් හොකී සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය (2016/17) පසුගියදා බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ පැවැති අතර සියලූ තනතුරු සඳහා නිලධාරීහු නිතරගයෙන් පත්වුහ. දම්පිය වනසිංහ මහතා, 2012 සහ 2014 වසර දෙකේදීත් පාසල් හොකී සංගමයේ සභාපතිධූරය දැරීය.

වත්මන් ජාතික හොකී කණ්ඩායමේ (පිරිමි) පුහුණුකරු වන අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා, 2005 සහ 2007 දෙවසරේ ද පාසල් හොකී සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ.


පාසල් හොකී සංගමයේ නව නිලධාරී මඩුල්ල:

සභාපති: දම්පිය වනසිංහ මහතා (විදුහල්පති, මාතලේ ශා.තෝමස්),
ලේකම්: අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා (මාතලේ විජය),
නියෝජ්‍ය සභාපති: ආර්. යු. කේ. රාජපක්‍ෂ මහතා (විදුහල්පති, මහනුවර විද්‍යාර්ථ)
උප සභාපතිවරු: රංජිත් සිරිවර්ධන මහතා (විදුහල්පති, මාතලේ විජය), සේනක සමරතුංග මහතා (විදුහල්පති, මහනුවර බෙරවට්ස් රාජකීය), පද්මා ලේකම්ගේ මහත්මිය (විදුහල්පතිනී, මහනුවර ශා.අන්තෝනි බා.ම.වි), ඉන්ද්‍රානී ජයතුංග මහත්මිය (විදුහල්පතිනී, මාතලේ ඇල්වල), ආනන්ද සුමනතිලක මහතා (කොළඹ ආනන්ද), ශිරෝමන්ත විජේසිංහ මහතා (බදුල්ල ම.ම.වි), ආර්. එම්. ඞී. ඞී. රත්නායක මහතා (ගාල්ල ශා.ඇලවීෂියස්), සනෝජා මෙන්ඩිස් මහත්මිය (කොළඹ අසෝක), පී. ධර්මකුමාරන් මහතා (යාපනය උඩුවිල් බාලිකා විදුහල)
භාණ්ඩාගාරික: පද්මා නවරත්න මහත්මිය (මහනුවර විහාරමහා දේවි බා.ම.වි)
උප ලේකම්: පුජිත පීලිපොන මහතා (බදුල්ල ධර්මදුත)
උප භාණ්ඩාගාරික: ටී. කේ. වික‍්‍රමරත්න මහතා (මාතලේ සිරිමාවෝ බණ්ඩාරානයක ආ.වි.)
තරග කමිටු සභාපති: ඉන්ද්‍රවංශ හේරත් මහතා (මාතලේ ශා.තෝමස්)
තේරීම් කමිටු සභාපති: පාලිත වාසලගේ මහතා (මාතලේ ක‍්‍රිස්තුදේව)
පුහුණු කමිටු සභාපති: සුමිත් දිසානායක මහතා (මහනුවර විද්‍යාර්ථ)
විනිසුරු කමිටු සභාපති: ඉන්දික ජයවර්ධන මහතා (මාතලේ ශා.තෝමස්)
සම ගණන් පරීක්‍ෂකවරු: ඊ. එම්. විජේරත්න බණ්ඩා මහතා (විදුහල්පති, මාතලේ විජයපාල), මොහොමඞ් හනෆි මහතා (මාතලේ සහිරා විදුහල), සහ මොහොමඞ් ෂාෆී මහතා (මහනුවර රණබිම රාජකීය)

 


අදහස් (0)

පාසල් හොකී සංගමයේ සභාපති දම්පිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.