සාග් ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගිවන ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායම සඳහා රුපියල් මිලියන පහක් පමණ වටිනා පාපැදි හා අමතර කොටස් මිලදී ගැනීමේදී ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය වී ඇති බවට ක‍්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනයටත් පැමිණිළි කළද තමා කළ පැමිණිල්ල පිළිබඳව මෙතෙක් විමර්ශනයක් කිරීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අපොහොසත් වී තිබෙන බැවින් ඒ පිළිබඳව පොලිස් මූල්‍ය විමර්ශණ කොට්ඨාසයට පැමිණිල්ලක්ද කිරීමටද තමන් කටයුතු කරන බව එම මිලදී ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කළ අමල් සූරියගේ මහතා පවසයි.
සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායම සඳහා අදාළ පාපැදි හා අමතර කොටස් මිලදී ගැනීමේදී සැපයුම්කරුට එම ටෙන්ඩරය පිරිනැමූ තැනැත්තා ශී‍්‍ර ලංකා පාපැදි කණ්ඩායමේ තනතුරක්ද දරන්නෙකු බැවින් ඒ සම්බන්ධයෙන් තමා දැඩි අවධානයෙන් පසු වූ බවද පැමිණිලිකරු වැඩිදුරටත් කියා සිටියි.
ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතාටද මේ පිළිබඳව ඔහු පැමිණිලිකර තිබේ.
ඔහු සඳහන් කරන්නේ මෙම මිලදී ගැනීමේදී වූ ඇතැම් සිදුවීම් ටෙන්ඩර් පටිපාටියට පටහැනි බැවින් ඒ ගැන සොයා බලන ලෙස තමන් ක‍්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කළ බවයි. ටෙන්ඩරය සඳහා ඉදිරිපත්වී ඇත්තේද මිලගණන් දෙකක් පමණි.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.