Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පන්දු 6 ස්නූකර් ශූරයා මුබීන්

පන්දු 6 ස්නූකර් ශූරයා මුබීන්

රොෂාන් ගුණරත්න - 2016 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා බිලියඞ් සහ ස්නුකර් සම්මේලනය සංවිධානය කළ පන්දු හයේ (රතු) ජාතික බිලියඞ් තරගාවලියේදී යුද හමුදාවේ එම්. එම්. මුබීන් විසින් ශූරතාව දිනා ගන්නා ලදි. කොළඹ සුගතදාස හෝටලයේ බිලියඞ් සහ ස්නුකර් ක‍්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී මුවර්ස් ක‍්‍රීඩා සමාජයේ රියාස් නූර් රාමු 4-1 කින් පරදවා මුබීන් පහසු ජයක් ලැබීය.


මුබීන් මෙම තරගාවලිය පිට පිටම ජයගත් දෙවැනි අවස්ථාව මෙයවේ.


යුද හමුදාවේ එම්. ෂෙරිෆ්ඞීන් සහ එම්. එම්. රිකාෂ් අතර තෙවැනි ස්ථානය සදහා පැවැති තරගයෙන් ෂෙරිෆ්ඞීන් රාමු 2-1 ක ජයක් හිමි කර ගත්තේය.


අවසන් පුර්ව තරගවලදී රියාස් නුර් විසින් එම්. එම්. රිකාෂ් (රාමු 3-0) ද, එම්. එම්. මුබීන් විසින් එම්. ෂෙරිෆ්ඞීන් (රාමු 3-1) ද පරාජය කරන ලදහ.


ශූරතාව දිනාගත් මුබීන්ට සහ රියාස්ට, මේ මස 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවන ආසියානු රතු පන්දු බිලියඞ් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ.


අවසන් තරගයේ ප‍්‍රතිඵල:

එම්. එම්. මුබීන් (යුද හමුදාව) විසින් රියාස් නූර් (මුවර්ස්) පරාජය කරන ලදී. (රාමු 4-1, 32/12, 33/30, 63/00, 37/45, 52/04)


-090

 


අදහස් (0)

පන්දු 6 ස්නූකර් ශූරයා මුබීන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.