සියලුම ක‍්‍රීඩා සංගම් හා සම්මේලනවල නිලවරණ මැයි මාසය දක්වා කල් දැමීමට කී‍්‍රඩා අමාත්‍යාංශය මගින් නිකුත් කරන්නට යෙදුණු ගැසට් නිවේදනය නිසා ජාත්‍යන්තර සංගම්වල ව්‍යස්ථාවලට අනුකූලව පවත්වාගෙන යන සංගම් හා සම්මේලන කිහිපයකටම ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුව ඇතැයි වාර්තා වේ.
බැඞ්මින්ටන් සංගමයද දිගින් දිගටම බැඞ්මින්ටන් ලෝක සංගමයේ උපදෙස් නොතකා හරිමින් වැඩ කළ සංගමයක් විය. බැඞ්මින්ටන් සංගමයේ දේශිය ව්‍යවස්ථාව ජාත්‍යන්තර සංගමයේ ව්‍යවස්ථාවට අනුකූලව වන අන්දමින් සංශෝධනය කිරීම පසුගිය වසරේ සිට මේ දක්වාම පැහැර හැර තිබීම හා නිසි කලට නිලවරණ නොපැවැත්වීම යන බේද මත ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වීමටද ඉඩ ඇතැයි බැඞ්මින්ටන් සංගමයේ නිලධාරියෙක් පැවසීය.
බැඞ්මින්ටන් සංගමයේ වත්මන් සභාපතිවරයා ගිය වසරේ සිට කිහිපවරක්ම නිලවරණය පැවැත්වීමට සූදානම් වූවත් ව්‍යවස්ථා සංශෝධනය හරිහැටි නොකිරීම හා පසුගිය වසරවල අයවැය නිසි පරිදි සකස් කර නොතිබීම මත එය කිහිපවරක්ම කල් දැමුණි.
මේ මස අවසානයේ නිලවරණය පැවැත්වෙන බව දන්වා සාමාජික සංගම් හා කී‍්‍රඩා සමාජ වලට සභාපතිවරයා එවා ඇති නිවේදනයේද අයවැය වාර්තාවක් ඇතුළත් නොවන බව දැන්වූ එම නිලධාරියා විශාල මුදලක් වැය කර පසුගිය වසරේ පැවැත්වූ ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලියේ මුදල් ලැබීම් හා වියදම් කළ ආකාරය පිළිබදවද කරුණු දක්වා ඇති ආකාරය ගැටලූ සහිත බවත් දැක්වීය.
බැඞ්මින්ටන් සංගමය සංගම් හා කී‍්‍රඩා සමාජ වෙත එවා ඇති නිවේදනයේ විවිධ ආයතන මගින් ජාත්‍යන්තර තරගාවලිය සඳහා රුපියලි 200,000 ක ආධාර හා අනුග‍්‍රහය ලැබුණු බව දන්වා ඇතත් වියදම් කළ ආකාරය දක්වා නොමැති බවත් සභාපතිවරයා තමන්ගේ අතින් රුපියල් 500,000 වියදම් කර ඇති බව එහි සඳහන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සභාපතිවරයා වියදම් කර ඇතැයි කියන රුපියල් 500,000 මුදල සොනෙක්ස් ආයතනය මගින් සපයන ලද ”ෂටල් කොක්” සඳහා ඇතුළත්ව ඇතැයි පැවසේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.