ශ්‍රී ලංකා දුන්නෙන් විදීෙමේ සංගමය 15 වැනි වරටත් සංවිධානය කළ දුන්නෙන් විදීමේ ජාතික තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට කොළඹ දුන්නෙන් විදිමේ පාසලේ නිපුන සෙනෙවිරත්න සමත් විය. ශී‍්‍ර ලංකා පොලිස් දුන්නෙන් විදීමේ ක‍්‍රීඩා සමාජයේ අනුරාධා විජේසිංහ කාන්තා ශූරතාව දිනාගත්තාය.
මෙවර ජාතික තරගාවලිය කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේදී පුරා දින දෙකක් පැවැත්විණි.
පිරිමි තරගාවලියේ අනු ශූරතාව ලක්මාල් රාජසිංහ ද, තෙවැනි ස්ථානය පේෂල කලන්සූරිය ද, හිමිකර ගත්හ. කාන්තා තරගාවලියේ අනු ශූරතාව මිහක් සංගානි ද, තෙවැනි ස්ථානය ශෂිකලා කුමාරසිංහ ද, හිමිකර ගැනීමට සමත් වූහ.
පිරිමි කණ්ඩායම් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට පොලිස් ක‍්‍රීඩකයෝ සමත් වූහ. නාවික හමුදාව සහ කොළඹ දුන්නෙන් විදීමේ පාසල පිළිවෙලින් අනු ශූරතාව සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.
යුද හමුදා ‘ඒ’ කණ්ඩායම කාන්තා කණ්ඩායම් ශූරතාව දිනාගත් අතර නාවික හමුදා ‘ඒ’ සහ ඌව ‘ඒ’ යන කණ්ඩායම් වලට පිළිවෙලින් අනු ශූරතාව සහ තෙවැනි ස්ථාන හිමිවිය.
තරගාවලියේ ජයසංකේත ප‍්‍රදානෝත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංචාරක සහ ක‍්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහභාගි විය.

ජාතික ශූරතා දිනූ නිපුන සහ අනුරාධා
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.