Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නේපාලයට තියුණු ජයක්

නේපාලයට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන වයස 18 න් පහළ දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේ (පිරිමි) ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (1) සහභාගි වු පළමු තරගයෙන් නේපාලය හමුවේ ලකුණු 65-64 ක තියුණු පරාජයක් ලැබීය.

නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව පමණක් සහභාගිවන මෙම තරගාවලියට තහෙර් අක්බර් අලි ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (31) දිවයිනෙන් පිටත් ගියේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේදී කිහිපදෙනකුට අසාධාරණයක් සිදුවී ඇතැයි පැසිපන්දු තේරීම් කමිටුවට චෝදනා එල්ලවීම නිසා ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ද ක‍්‍රීඩා ඇමැතිවරයා නියෝග කර තිබිණ.

තේරීම් පරීක්ෂණ නිවැරදිව සිදුව ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශය සෑහීමකට පත්වීම නිසා ශ‍්‍රී ලංකා කණ්ඩායමට මෙම තරග සංචාරයට සහභාගිවීමේ අනුමැතිය ලැබුණු බවද වාර්තාවේ.  

දකුණු ආසියානු පැසිපන්දු සම්මේලනය සංවිධානය කරන මෙම තරගාවලිය හෙට (2) අවසන් වීමට නියමිතය.


තරගාවලියට සහභාගිවී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායම:
තහෙර් අක්බර් අලි (නායක), ෂෙනුක හසිත ද අල්විස්, උවිඳු කුස්මික කාරියවසම්, ශිවංග ද සිල්වා, රුක්ෂාන් බණ්ඩාර අතපත්තු, ඒ.ජී.දිල්රුක් එස්.මෛත‍්‍රී, අද්රියන් ෂෙල්ටන් ගුණවර්ධන, ශිවාන් පෙරේරා, අනොල්ඞ් දේවකුමාර්, නිමේෂ් කුලතුංග, ඞී.රෙෂාන් පෙරේරා සහ චිරාත් එන්.මාතරගේ

 


අදහස් (0)

නේපාලයට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.