Last Update  :  2025-08-20 15:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිජබිම සටන 16 - 17 මාතලේදී

නිජබිම සටන 16 - 17 මාතලේදී

editorial - 2025 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ විජය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් 23 වන වරටත් සංවිධානය කරනු ලබන  "නිජබිම සටන " හොකී  තරගාවලිය මෙම මස 16 හා 17 වන දින මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘතිම හොකී   ක්‍රීඩාංගණය  කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය. මෙම හොකී  තරගාවලිය සඳහා  දිවයිනේ දක්ෂතම හා ප්‍රධානතම පිරිමි හා කාන්තා  හොකී  කණ්ඩායම්  සහභාගි වීමට නියමිත බව මාතලේ විජය විද්‍යාලිය විදුහල්පති රාජිත තීක්ෂණ මහතා පැවසීය. 

අතර මාතලේ දිස්ත්‍රික්කයේ  හොකී ක්‍රීඩාව න ඟා සිටුවීම සඳහා මාතලේ දිස්ත්‍රික් පාසල් අතර හොකී තරගාවලියක්ද මෙම නිජබිම සටන තරගාවලියට සමගාමීව පවත්වන බවද රාජිත තීක්ෂණ මහතා පැවසීය. 

මෙම හොකී  තරගාවලියේ පිරිමි ශූරතාවය සඳහා ශූරතා කුසලාන සමඟ රුපියල් 100,000 ක ත්‍යාග  මුදලක් පිරිනැමේ. අනුශූරයන්ට කුසලානයක් සමග රුපියල් 50,000 ක ත්‍යාග මුදලක් පිරිනැමේ. තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතාවක් සමගින් රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. කාන්තා අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට ද කුසලානයක් සමගින් රුපියලි 25,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. 

 පැමිණෙන සියලු කණ්ඩායම් සඳහා දිවා ආහාරය සහ නවාතැන් පහසුකම් ලබාදීමට සූදානම් කර ඇත. 


අදහස් (0)

නිජබිම සටන 16 - 17 මාතලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.