Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නගරාධිපති කුසලාන මේසපන්දු තරග අපේ‍්‍රල් 5-6-7 තෙදින

නගරාධිපති කුසලාන මේසපන්දු තරග අපේ‍්‍රල් 5-6-7 තෙදින

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නගරාධිපති කුසලාන සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලිය අපේ‍්‍රල් මස 5, 6 සහ 7 යන දින වලදී කොළඹ ලූම්බිණි විදුහලේ නව ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී වයස 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ සහ 18 න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක බාලිකාවන් සඳහා තරග පැවැත්වෙන අතර විවෘත කාණ්ඩය යටතේ පිරිමි සහ කාන්තා අංශ දෙක සඳහා කේවල, යුගල සහ මිශ‍්‍ර යුගල වශයෙන් තරග පැවැත්වේ.

‘චන්දන පෙරේරා, සභාපති, කොළඹ නගරාධිපති කුසලාන මේසපන්දු කුසලාන තරගාවලියේ සංවිධායක කමිටුව, නො. 51/35, රුක්මලේ, පන්නිපිටිය’ යන ලිපිනයට අයැදුම්පත් ඉදිරිපත් කිරීම මගින් තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදාකරගත හැකිය.

තරගාවලියේ කුසපත් ඇදීම මේ මස 23 වැනිදා උදෑසන 10.00 ට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගාරයේදී පැවැත්වේ.
තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0714-472400 සහ 0777-751345 යන දුරකථන අංක ඇමතීමෙන් දැනගත හැකිය.

කොළඹ දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය කොළඹ නගරසභාවේ කී‍්‍රඩාංගණ සහ විනෝද කටයුතු දෙපාර්තමේන්තුව සමග එක්ව  තරගාවලිය සංවිධානය කරයි.


අදහස් (0)

නගරාධිපති කුසලාන මේසපන්දු තරග අපේ‍්‍රල් 5-6-7 තෙදින

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.