Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු තේරීම් තරග 24-25

දැල්පන්දු තේරීම් තරග 24-25

ශනුක අරවින්ද - 2016 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තෝරා ගැනීමේ තේරීම් තරග මේ මස 24 සහ 25 දෙදින පෙරවරු 9.00 ට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

මෙම තේරීම් තරග අද (20) ආරම්භ වීමට නියමිතව තිබුණ ද දිවයින පුරා පවතින අධික වර්ෂාව නිසා තේරීම් මේ මස 24 සහ 25 දෙදින පමණක් පැවැත්වීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

ජාතික දැල්පන්දු සංචිතයේ සිටින ක‍්‍රීඩිකාවන් 39 දෙනාගෙන් 21 දෙනකු තෝරා ගැනීමට නියමිතය.

ආසියානු දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන 10 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වීමට නියමිතය. මේ ස`දහා සහභාගිවන රටවල් ගණන 10 කි.

 

 


අදහස් (0)

දැල්පන්දු තේරීම් තරග 24-25

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.