Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දම්සෝ චෙස් තරගාවලිය 29 වැනිදා සිට

දම්සෝ චෙස් තරගාවලිය 29 වැනිදා සිට

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දම්සෝ ජාත්‍යන්තර චෙස් තරගාවලිය මේ මස 29 සිට ජුනි 2 දක්වා  ධර්මාශෝක විද්‍යාලීය මුදලිඳු එස් තෝමස් ද සිල්වා අනුස්මරණ ශ‍්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අයැදුම්පත් මේ මස27 තෙක් භාර ගැනේ.

සියලූම අයදුම්පත් ලේකම්, ඩෙනිස් ලිවේරා, ධර්මාශෝක ආදී චෙස් ක‍්‍රීඩකයන්ගේ සංගමය, ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ හෝ dcchessclub@gmail.com ඊමේල් ලිපිනයට යොමු කළ යුතුය.

තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් වෙනුවෙන් ප‍්‍රදානය කරනු ලබන ත්‍යාග මුදල රුපියල් ලක්ෂ හතරකි.

විවෘත කාන්තා සහ පිරිමි ශ්‍රේණිගත ලකුණු ලැබුවන් අතර මෙන්ම ශ්‍රේණිගත නොලැබූවන්  අතරද වයස 8 න් පහළ කාන්තා, පිරිමි ශූරතා සඳහා රන් රිදී හා ලෝකඩ පදක්කම්වලට අමතර මුදල් ත්‍යාගද පිරිනැමේ.

තරගාවලිය සඳහා අවශ්‍ය වැඩි විස්තර  ධර්මාශෝක ආදී චෙස් ක‍්‍රීඩකයින්ගේ සංගමයේ  සභාපති චරිත් උදාන (077 4735399), ලේකම් ඩෙනිස් ලිවේරා (077-2371583) හෝ භාණ්ඩාගාරික නුවන් ධනුෂ්ක (071-2903474) යන මහත්වරුන් අමතා ලබාගත හැකිය.


අදහස් (0)

දම්සෝ චෙස් තරගාවලිය 29 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.