Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දකුණු ආසියානු පැසිපන්දු තරග නේපාලයේදී

දකුණු ආසියානු පැසිපන්දු තරග නේපාලයේදී

ශනුක අරවින්ද - 2016 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් කාන්තා කණ්ඩායමක් සහභාගි කරවීමට කටයුතු යොදා ඇතැයි ශ‍්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ ලේකම් තක්ෂිල සර්ධ මහතා පවසයි. තරගාවලිය මේ මස 28 වැනිදා සිට අපේ‍්‍රල් මස 2 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය නොපැවැත්වීම නිසා සාග් රටවල් අට වෙනුවෙන් ඉක්මනින් මෙම තරගාවලිය සංවිධානය කිරීමට පියවර ගෙන ඇතැයි සර්ධ මහතා පැවසීය.

දකුණු ආසියාවේ පැසිපන්දු තරගවලදී ශ‍්‍රී ලංකාවට අභියෝගයක් වන රට ඉන්දියාවයි. තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායමේ නම් ලැයිස්තුව ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ස`දහා යොමු කර තිබේ.

ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තරගාවලියට සහභාගි වීමට නියමිතය.

 


අදහස් (0)

දකුණු ආසියානු පැසිපන්දු තරග නේපාලයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.