Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දක්ෂතම කී‍්‍රඩකයා - නිමේෂ් : කී‍්‍රඩිකාව - හංසනී

දක්ෂතම කී‍්‍රඩකයා - නිමේෂ් : කී‍්‍රඩිකාව - හංසනී

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් ශේ‍්‍රණිගත කිරීමේ විවෘත මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව බවට පත්වීමට කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රාංචගොඩ සහ කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා සමත්වූහ.

කොළඹ රාජකීය විදුහලේ හේලිත හෙඳවිතාරණ පරාජය කරමින් වයස 15 න් පහළ ශූරතාව දිනාගත් නිමේෂ් රංචාගොඩ, එම විදුහලේම විරුණක හෙන්ඳහේවා පරාජය කරමින් වයස 18 න් පහළ ශූරතාවද දිනාගැනීමට සමත්විය.

ඉන් නොනැවතුණ ඔහු, විවෘත අනුශූරතාවද දිනාගත්තේ මෙවර තරගාවලියේ වැඩිම කුසලාන සංඛ්‍යාවක් හිමිකරගත් කී‍්‍රඩකයා බවට පත්වෙමිනි.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූ කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා, විවෘත කාන්තා ශූරතාව දිනාගත්තේ ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ යහනි මෙන්ඩිස් තරග වට 2-0 ක් ලෙස පරාජය කරමිනි.

වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී ඉතා තියුණු තරගයකින් අනතුරුව කොළඹ විශාකා විදුහලේ චමත්සරා ප‍්‍රනාන්දු හමුවේ පරාජයට පත්වූවද, 18 න් පහළ අවසන් මහ තරගයේදී චමත්සරා ප‍්‍රනාන්දු පරාජය කිරීමටද හංසනී පියුමිලා සමත්වූවාය.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනූ නිමේෂ් රංචාගොඩ තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ රසික මනෝජ් විවෘත පිරිමි ශූරතාව දිනාගත්තේය.

බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය ගල්කිස්ස සාන්ත තොමස් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

බාලක තරග ප‍්‍රතිඵල
වයස 8 න් පහළ
රෙහාන් සේනානායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (10/09, 11/09)

වයස 10 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස කුමුදිත ලක්ෂාන් (වරාපිටිය මැදි විදුහල) පරාජය කරන ලදි. (07/11, 11/5, 11/07)

වයස 12 න් පහළ
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යයන්තර පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස තිස්ස රාංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/06, 09/11, 11/09)

වයස 15 න් පහළ
නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-0  ක් ලෙස හේලිත හෙඳවිතාරන (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/06)

වයස 18 න් පහළ
නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස විරුණක හෙන්ඳහේවා (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/02)

වයස 21 න් පහළ
සුරේෂ් පුෂ්පකුමාර (ශ්‍රී ලංකා යුද හමුදාව) විසින් තරග වට 2-0 ක් ලෙස නිමේෂ් රශ්මික (යක්කල අනුර මැදි විදුහල) පරාජය කරන ලදි. (15/13, 11/07)

බාලිකා තරග ප‍්‍රතිඵල
වයස 8 න් පහළ
 ඕෂානි පෙරේරා (ජනාධිපති බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/06)

වයස 10 න් පහළ
සහන්‍යා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස මිනාදි සවිඳුලා (විහාරමහා දේවි බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/05, 09/11, 11/05)

වයස 12 න් පහළ
ජිතාරා වර්ණකුළසූරිය (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/04, 08/11, 11/08)

වයස 15 න් පහළ
චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/13, 12/10)

වයස 18 න් පහළ
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/08, 06/11, 11/09)

වයස 21 න් පහළ
දෙව්මිණී වීරසේන (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස විනෝද්‍යා ද සිල්වා (රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/03, 11/07)

විවෘත තරග ප‍්‍රතිඵල
විවෘත පිරිමි
රසික මනෝජ් (ශ්‍රී ලංකා යුද හමුදාව) විසින් තරග වට 2-0 ක් ලෙස නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/7, 11/8)

විවෘත කාන්තා
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස යහනි මෙන්ඩිස් (ගල්කිස්ස උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/02, 11/04)

 


අදහස් (0)

දක්ෂතම කී‍්‍රඩකයා - නිමේෂ් : කී‍්‍රඩිකාව - හංසනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.