Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දක්ෂතම කී‍්‍රඩකයා : උදය - කී‍්‍රඩිකාව : තනුෂි

දක්ෂතම කී‍්‍රඩකයා : උදය - කී‍්‍රඩිකාව : තනුෂි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොළඹ පුරපති කුසලාන සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහත්, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස මහනුවර මහාමායා විදුහලේ තනුෂි රුද්‍රිගූත් ශූරතා දිනාගත්හ.

කොළඹ ලූම්බිණි විදුහල් නව ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගාවලිය සඳහා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 504 ක් සහභාගී වූහ.

බාලක වයස 18 න් පහළ කේවල තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලේ ප‍්‍රසාද් ද සිල්වා පරාජය කළ උදය රණසිංහ, පිරිමි විවෘත කේවල තරගයේදී ගුවන් හමුදාවේ මිලින්ද ලක්ෂිතද පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.

බාලිකා වයස 15 න් පහළ කේවල තරගයේදී හංසනී පියුමිලා හමුවේ පරාජයට පත්වුවද, වයස 18 න් පහළ කේවල තරගයේදී මහනුවර මහාමායා විදුහලේ රිද්මි කරදනාරච්චි පරාජය කළ ලාබාල කී‍්‍රඩිකා තනුෂි රුද්‍රිගූ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූවාය.

කොළඹ නගර සභාවට වසර 150 ක් පිරීම නිමිත්තෙන් කොළඹ නගර සභාවේ කී‍්‍රඩාංගණ සහ විනෝද කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා සහභාගී විය.

තරග ප‍්‍රතිඵල (බාලක)

  • වයස 10 න් පහළ කේවල

සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස හසිඳු රුද්‍රිගූ (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදී. (11/09, 11/6, 06/11, 11/04)

  • වයස 12 න් පහළ කේවල  

තිස්ස රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (04/11, 11/05, 11/09, 11/04)

  • වයස 15 න් පහළ කේවල  

ලිත්මිණ මහානාම (කොළඹ වෙස්ලි විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස විරුණක හෙන්දහේවා (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදී. (03/11, 11/06, 11/09, 01/11, 11/07)

  • වයස 18 න් පහළ කේවල  

උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී. (11/04, 11/06, 02/11, 05/11, 11/07)

  • වයස 21 න් පහළ කේවල  

උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) තරගයට සහභාගී නොවීම නිසා කි‍්‍රෂාන් වික‍්‍රමරත්නට (මහනුවර විද්‍යාර්ථ විදුහල) නිතරග ජයක් හිමිවිය.

  • විවෘත පිරිමි කේවල

උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 4-1 ක් ලෙස මිලින්ද ලක්ෂිත (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) පරාජය කරන ලදී. (11/08, 04/11, 11/09, 11/09, 11/07)

  • ප‍්‍රවීණ පිරිමි කේවල

ගාමිණී මොරායස් (ඇස්ට්‍රෝන් කී‍්‍රඩා සමාජය) විසින් තරග වට 3-0 ක් ලෙස එන්. එච්. පියදාස (ප‍්‍රවීණයන්ගේ මේසපන්දු සංගමය) පරාජය කරන ලදී. (11/06, 12/10, 11/07)

 

තරග ප‍්‍රතිඵල (බාලිකා)

  • වයස 10 න් පහළ කේවල  

නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස දිලිනි තෙසන්‍යා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදී. (11/03, 11/09, 11/07, 11/07)

  • වයස 12 න් පහළ කේවල  

විනුජි පෙරේරා (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදී. (11/13, 11/09, 11/07, 06/11, 11/6)

  • වයස 15 න් පහළ කේවල  

හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස තනුෂි රුද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදී. (09/11, 11/08, 11/06, 11/05)

  • වයස 18 න් පහළ කේවල  

තනුෂි රුද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස රිද්මි කරදනාරච්චි (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදී. (11/09, 07/11, 11/08, 07/11, 11/08)

  • වයස 21 න් පහළ කේවල  

නුවනි නිවෝද්‍යා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) ආබාධයකට ලක්ව තරගයෙන් ඉවත් වීම නිසා එරන්දි වරුසවිතානට (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) නිතරග ජයක් හිමිවිය.

  • විවෘත කාන්තා කේවල

ඉෂාරා මදුරංගි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) විසින් තරග වට 4-3 ක් ලෙස එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (08/11, 07/11, 11/06, 11/09, 02/11, 11/07, 13/11)


අදහස් (1)

දක්ෂතම කී‍්‍රඩකයා : උදය - කී‍්‍රඩිකාව : තනුෂි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.