Last Update  :  2025-10-18 18:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තංගරාජා නවදිල්ලි විවෘත තරගාවලියේ

තංගරාජා නවදිල්ලි විවෘත තරගාවලියේ

editorial - 2025 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

ලෝකයේ ප්‍රබලතම වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයන් සහභාගි වන ඉන්දීය ගොල්ෆ් ශූරතාවලියේ නවදිල්ලි තරගය හෙට (16 වැනිදා) නවදිල්ලි ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවේ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයකු වන එන්. තංගරාජාත් නවදිල්ලි ගොල්ෆ් ශූරතාවලියේදී තරග කරන අතර හෙට උදෑසන 6.55 ට තංගරාජා මෙම තරගයට එක්වීමට නියමිතය. 

තංගරාජා මෙම තරගාවලියට පිවිසෙන්නේ මෑතකදී ලබාගත් ජයග්‍රහණ දෙකක් පසුබිමේ තිබියදීය. මීට සති තුනකට ඉහතදී ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවැති ‘චෙන්නායි විවෘත තරගාවලිය’ ජයගත් තංගරාජා, පසුගිය සතියේදී ඉන්දියාවේ බෙංගලූරු නුවරදී පැවැති ‘බෙංගලූරු විවෘත ගොල්ෆ් ශූරතාවලියත්’ ජයගත්තේය. 

ඩී.පී. වර්ල්ඩ් (ඩුබායි නුවර මූලස්ථානය පිහිටි, ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගමකි) ඉන්දීය ගොල්ෆ් ශූරතාවලිය ලෙසින් හැඳින්වෙන මෙම තරගාවලියේදී ක්‍රීඩකයන්ට පිරිනැමෙන සම්පූර්ණ ත්‍යාග මුදල ඩොලර් මිලියන 4 කි. නවදිල්ලි තරගයේ ජයග්‍රාහකයාට ඇමරිකානු ඩොලර් 680,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර 10 වැනි ස්ථානයට පැමිණෙන ක්‍රීඩකයාට හිමි ත්‍යාග මුදල ඩොලර් 80,000 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 24 කි. 

නවදිල්ලි තරගාවලිය සඳහා ලෝකයේ ප්‍රබලතම ගොල්ෆ් ක්‍රීඩකයන් 70 දෙනකු තරග වදින අතර 70 වැනි ස්ථානය ලබාගන්නා ක්‍රීඩකයාටත් ඇමරිකානු ඩොලර් 7,600 ක් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 22 ඉක්මවන මුදලකි) ත්‍යාග ලෙසින් හිමිවේ. 

ඉලක්ක 18 කින් යුත් නවදිල්ලි ගොල්ෆ් පිටියේදී සම්මත ක්‍රීඩකයකු, පහර 72 කින් සම්පුර්ණ වටයක් අවසන් කළ යුතුය. එහෙත් තංගරාජාගේ වාසිය පහර 3 ක් වන බැවින් ඔහු ඉලක්ක 18 කින් සමන්විත සම්පූර්ණ ගොල්ෆ් වටයම පහර 69 කින් අවසන් කළ යුතුව තිබේ. සම්පූර්ණ ගොල්ෆ් වටයක දුර ප්‍රමාණය මීටර 6318 ක් හෙවත් කිලෝ මීටර 6.31 කි. 

නවදිල්ලි තරගාවලිය 16 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වෙයි. 

 


අදහස් (0)

තංගරාජා නවදිල්ලි විවෘත තරගාවලියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.