Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටාවීට ලෝකයෙන්ම සිවුවැනි තැන

ටාවීට ලෝකයෙන්ම සිවුවැනි තැන

editorial - 2025 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ නව හැවිරිදි ටාවී සමරවීර ලෝක මේසපන්දු (කනිෂ්ඨ) ශ්‍රේණිගත කිරීම් අනුව වයස 11 න් පහළ (බාලක) කාන්ඩයෙන් සිවුවැනි ස්ථානයට පත්ව සිටියි. ඕනෑම වයස් කාණ්ඩයකින්  ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව මෙතෙක් මෙරට ක්‍රීඩකයකු  ඉහළටම පැමිණි පළමු අවස්ථාව මෙයයි.

මෙම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ටාවි වයස 13 න් පහළ (බාලක) කාණ්ඩයේත් 20 වැනි ස්ථානය අත් කර ගෙන සිටියි.ටාවීගේ පුහුණුකරු ලෙස ඔහුගේ පියා වන වන හිටපු ක්‍රීඩක, ප්‍රවීණතම මේසපන්දු පුහුණුකරුවෙකු වන හසිත සමරවීර මහතා කටයුතු කරයි.

මේ වන විට පෝලන්තය,ජර්මනිය හාා චෙකොස්ලොවැකියාවේ පැවැති ලෝක ශ්‍රේණිගත තරගාවලි තුනකට ටාවී සහභාගිවී තිබේ. ජාතික (කණිෂ්ඨ) මේසපන්දූ තරගාවලි ගණනාවකදීත්  දක්ෂතා පළ කර තිබෙන ඔහු ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාගේ මුණුපුරෙකි.


අදහස් (0)

ටාවීට ලෝකයෙන්ම සිවුවැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.