ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කළ ජාතික ටයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත ශූරතාව යුද හමුදා ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී. යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් පහක් රිදී පදක්කම් අටක් සහ ලෝකඩ පදක්කම් හතක් සමගින් ලකුණු 76 ක් ලබා සමස්ත ශූරතාව දිනාගත්හ. කොළඹ මියුසියස් විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැති මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200 කට වැඩි පිරිසක් සහභාගිවුහ.
තරගාවලියේ සමස්ත අනුශූරතාව ලකුණු 50 ක් ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හිමිවිය. ගුවන් හමුදාව රන් පදක්කම් හතරක් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 6 ක් හිමිකර ගත්තේය. මාස් ඇක්ටිව් ෂේඞ්ලයින් පිල තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීය.
දක්ෂතම ක්‍රීඩකයා ලෙස නාවික හමුදාවේ ටී.ඞී. රණතුංග සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ අයි.එස්. ගුණවර්ධන සම්මාන දිනා ගත්තාය.
යුද හමුදා ක්‍රීඩා සමාජය පිරිමි අංශයේ ශූරතාව දිනාගනිද්දී එහි අනුශූරතාව නාවික හමුදාවට හිමිවිය. මාස් ඇක්ටිව් ෂේඞ්ලයින් කාන්තා අංශයේ ශූරතාව දිනාගනිද්දී ගුවන් හමුදාවට අනුශූරතාව හිමිවිය.
තරගාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන අරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය. ජනාධිපතිවරයාට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් කළුපටි 9 වැනි ශ්‍රේණියේ ගෞරව සහතිකයක් පිරිනමන ලදී.
මෙරට ජනතාවගේ මෙන්ම ක්‍රීඩාවේ යහපත් අභිවෘද්ධිය වෙනුවෙන් ජනපති දියත් කළ ‘මතින් තොර රටක් ’යන වැඩසටහන හේතුවෙන් දකුණු කොරියාවේ ලෝක ටයිකොන්ඩෝ සම්මේලන නිළධාරීහු ජනාධිපතිවරයාට මෙම තිළිණය පිළිගැන්වූහ.
මෙම අවස්ථාවට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද සහභාගිවුහ.
අවසන් තරග ප්‍රතිඵල:
පිරිමි තරගාවලිය
කි.ග්රෑ. 54 ෆින් බර පංතිය.jpg)
1.ටී. ඞී. රණතුංග (නාවික හමුදාව)
2.ආර්. ඒ. බණ්ඩාර (යුද හමුදාව)
3.ඞී. එස්. සංජීව (යුද හමුදාව)
කි.ග්රෑ. 54-58 ෆ්ලයි බර පංතිය
1.සී. එස්. ලියනගේ (ගුවන් හමුදාව)
2. එස්. එම්. අනුරාධ (යුද හමුදාව)
3.එච්. කේ රොද්‍රිගෝ (මාස් ඇක්ටිව්)
කි.ග්රෑ 58-63 බැන්ටම් බර පංතිය
1.ඞී. එස්. සායක්කාර (යුද හමුදාව)
2.කේ. ජේ. ධම්මික (යුද හමුදාව)
3.ඒ. අයි. ද සිල්වා (ගුවන් හමුදාව)
කි.ග්රෑ 63-68 ෆෙදර් බර පංතිය
1.පී. එස්. හෙට්ටිආරච්චි (පොලිසිය)
2.පී. ටී. කුමාර (යුද හමුදාව)
3.ඞී. එස්. හේරත් (යුද හමුදාව)
කි.ග්රෑ 68-74 ලයිට් බර පංතිය.jpg)
1.කේ. ඞී එදිරිසිංහ (නාවික හමුදාව)
2.එස්. ඩබ්. දයාරත්න (යුද හමුදාව)
3.ඞී. එස්. අමරසිංහ (පොලිසිය)
කි.ග්රෑ 74-80 වෙල්ටර් බර පංතිය
1.අයි. සී. ජයසුන්දර (යුද හමුදාව)
2.සී. පී. හේරත් (යුද හමුදාව)
3.ආර්. ආර්. ඩෙහෝඩට් (පොලිසීය)
කි.ග්රෑ 80-87 මිඞ්ල් බර පංතිය
1.සී.ටී සේනාරත්න (යුද හමුදාව)
2.එස්.එස්. මධුෂංක (ගුවන් හමුදාව)
3.ජී.ජී.කුමාර (මාස් ඇක්ටිව්)
කි.ග්රෑ 80 ට වැඩි හෙවි බර පංතිය
1.කේ.පී.සංජීව (යුද හමුදාව)
2එච්.ආර්. වනිගසේකර (යුද හමුදාව)
3.ඒ.බී. ගෙදරගොඩ (පොලිසිය)
කාන්තා තරගාවලිය
කි.ග්රෑ. 46 ෆින් බර පංතිය
1.කේ.කේ. විජේරත්න (නාවික හමුදාව)
2.ඩබ්.ආර්. විජේසුරිය (පොලිසිය)
3.ඩබ්.සී. ශ්‍රීමතී (යුද හමුදාව)
කි.ග්රෑ. 46-49 ෆ්ලයි බර පංතිය
1.ඞී.කේ. මීගොඩ (මාස් ඇක්ටිව්)
2.එස්.එම්. මැණිකේ (යුද හමුදාව)
3එන්.එස්. සිල්වා (ගම්පහ)
කි.ග්රෑ. 49-53 බැන්ටම් බර පංතිය
1.අයි.එස් ගුණවර්ධන (ගුවන් හමුදාව)
2.ඞී.ඞී. පඩිගමගේ (මාස් ඇක්ටිව්)
3.එම්.සී. ෂාමලී (මාස් ඇක්ටිව්)
කි.ග්රෑ 53-57 ෆෙදර් බර පංතිය
1ඒ.ජී. ස`දමාලී (යුද හමුදාව)
2එම්.අයි. පුෂ්පාකුමාරී (මාස් ඇක්ටිව්)
3ටී.එන්. රත්නායක (ගම්පහ)
කි.ග්රෑ 57-62 ලයිට් බර පංතිය
1.එස්.එම්.ගන්නිලගෙදර (මාස් ඇක්ටිව්)
2.පී.කේ. වීරසිංහ (ගුවන් හමුදාව)
3.ජේ.එන්. ස`දමාලී (නාවික හමුදාව)
කි.ග්රෑ. 62-67 ලයිට් බර පංතිය
1.එල්.ඞී.ගුණවර්ධන (ගුවන් හමුදාව)
2.එස්.ජී. ගුඩමුනේ (මාස් ඇක්ටිව්)
3.එස්.පී.රණතුංග (ගුවන් හමුදාව)
කි.ග්රෑ. 67-73 ලයිට් බර පංතිය
1.එන්.පී..දිසානායක (ගුවන් හමුදාව)
2.ටී.සී. කඵආරච්චි (පොලිසිය)
3.පී.අයි. රාජපක්ෂ (යුද හමුදාව)
කි.ග්රෑ 73 ට වැඩි හෙවි බර පංතිය
1.යූ.ජී. වඩුගේ (කුරුණෑගල)
2.යු.යු. දිසානායක (මාස් ඇක්ටිව්)
3.එම්.කේ. පෙරේරා (මාස් ඇක්ටිව්)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.