Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටයිකොන්ඩෝ මුල් පුටුවට හර්ෂණ

ටයිකොන්ඩෝ මුල් පුටුවට හර්ෂණ

ශනුක අරවින්ද - 2015 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 10 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ ටොරින්ටන් පෙදෙසේ කී‍්‍රඩා විද්‍යායතනයේදී පැවැත්වෙන ටයිකොන්ඩෝ සම්මේලනයේ නිලවරණයේ සභාපති තනතුර සඳහා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා මහතා නිතරගයෙන් පත්වීමට නියමිත බව වාර්තා වේ.

ඡන්දයක් පැවැත්වීම සඳහා දෙපාර්ශවයක් නොමැති වීම හේතුවෙන් සම්මේලනයේ අනෙකුත් ප‍්‍රධාන තනතුරු සඳහාද නිලධාරීන් නිතරගයෙන් පත්වීමට නියමිතය.

මේ වන විට නාමයෝජනා භාරගැනීම අවසන් වී ඇති අතර ලේකම් ධූරය සඳහා වත්මන් ලේකම් උපුල් ප‍්‍රනාන්දු මහතාද, උප සභාපති ධූර සඳහා බි‍්‍රගේඩියර් කීර්ති කොස්තා සහ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ප‍්‍රනාන්දු යන මහත්වරුද, උප ලේකම් ධූරය සඳහා කර්නල් ජයන්ත හේමකුමාර මහතාද, භාණ්ඩාගාරික ධූරය සඳහා චමින්ද පුංචිහේවා මහතාද නාමයෝජනා භාර දී ඇත.

සම්මේලනයේ කමිටු සාමාජික තනතුරු සඳහා නාමයෝජනා හතරක් ලැබී තිබූණද, පත්කරගනු ලබන්නේ කමිටු සාමාජිකයන් තිදෙනෙක් බැවින් ඒ සඳහා පමණක් ඡන්දයක් පැවැත්වීමට සිදුවන බව ලේකම් උපුල් ප‍්‍රනාන්දු මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

ප‍්‍රදීප් තුෂාර, බන්දුල සම්පත්, සුසන්ත පි‍්‍රයලාල් සහ රුවන් නිස්සංක යන මහත්වරු මෙහි කමිටු සාමාජික තනතුරු සඳහා නාමයෝජනා භාර දී ඇත.

වැඩිදුරටත් කළ කරුණු විමසීමකදී දැනගත හැකිවූයේ හර්ෂණ රාජකරුණා මහතා සිය නාමයෝජනාව භාර දීමට පෙර වත්මන් සභාපති නන්ද ගමාරච්චිගේ මහතාගේ පාර්ශවයෙන්ද සම්මේලනයේ තනතුරු සඳහා තවත් කණ්ඩායමක් නාමයෝජනා භාර දී තිබුණ බවයි. එහෙත් රාජකරුණා මහතාගේ නාමයෝජනාව භාර දීමෙන් පසු ඔවුන් සියලූ දෙනාම නාමයෝජනා ඉල්ලා අස්කර ගත් බවද ඉතාමත් විශ්වාස දායක අරංචි මාර්ගයකින් දැනගන්නට ලැබේ.  

 


අදහස් (0)

ටයිකොන්ඩෝ මුල් පුටුවට හර්ෂණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.