Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජොහාන් - ජයන්ති නම්චේ බසාර් පසුකරති

ජොහාන් - ජයන්ති නම්චේ බසාර් පසුකරති

ශනුක අරවින්ද - 2016 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එවරස්ට් කන්ද තරණය කිරීමේ උත්සාහයක නිරත වන ජයන්ති කුරු උතුම්පලා සහ ජොහාන් පීරිස් ඉකුත්දා මුහුදු මට්ටමින් මීටර් 3340 ක් ඉහළින් පිහිටි එම ගමනේදී හමුවන අවසාන නගරය වන නම්චේ බසාර් නගරය පසුකළහ.

ඔවුන් නම්චේ බසාර් නගරය වෙත ලඟා වුයේ මීටර් 2835 උසින් පිහිටි මොන්ජෝ වල සිට වන අතර සීග‍්‍ර නැග්මක් සහිත එම ගමන සඳහා ඔවුන්ට පැය 4 ක කාලයක් ගතවිය.

මුහුදු මට්ටමේ සිට ඉතා ඉහළට ගමන් කිරීමේදී ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ජයන්ති සහ ජොහාන් වැඩිපුර ජලය පානය කරමින් සෑම පියවරකදීම හොඳින් ආශ්වාස ප‍්‍රශ්වාස කරමින් ඉතාමත් සෙමින් ගමන් කළහ. ඉහළට නැගීමේදී අඩුවෙන් නිදා ගැනීමේ මූලධර්මය අනුගමනය කරමින් දිනක ගමනකින් පසුව ඔවුන් නම්චේ බසාර්හි දින දෙකක කාලයක් ගත කළහ.

මොන්ජො වෙත පැමිණීමට පෙර ජයන්ති සහ ජොහාන් කත්මන්ඩු සිට ෂුර්ක් (මීටර් 2290( බලා ගුවනින් ගමන් කළහ. එතැන් සිට ඔවුන් කුඩා ගුවන් යානයකින් ලූක්ලා (මීටර් 2845) වෙත පියාසර කළ අතර නමුත් වලාකුළු සහිත කාළගුණ තත්ත්වය නිසා එම ගුවන් යානය ලූක්ලා වෙත ගොඩ බැස්වීමට නොහැකි විය. එම නිසා ඔවුන් හෙලිකොප්ටර් වලින් අඩු උස් මට්ටමකින් පවත්නා ෂුර්ක් වෙත ගමන් කළ අතර ඉන් අනතුරුව පැය එකහමාරක් ගමන් කර ලූක්ලා වෙත ලඟාවූහ.

කත්මන්ඩු වලදී ජයන්ති සහ ජොහාන් කඳුනැගීමේදී උපයෝගී කරගන්නා තාක්ෂණික උපකරණ භාවිතා කිරීමට පුහුණුවීම, උස් මට්ටම් වලදී ඇතිවිය හැකි රෝගී තත්වයන්ට මුහුණදීම සඳහා වූ ඖෂධ මිළදී ගැනීම සහ ෂර්පාවරු සහ අනෙකුත් කඳු නගින්නන්ගෙන් සමන්විත ඔවුන්ගේ උපදේශකයින් හමුවී මෙම ගමනට අවශ්‍ය සූදානම් වීමේ කටයුතු වල නිරත වෙති.

ෆෙයාර්වේ හොල්ඩිංග්ස්, ශ‍්‍රී ලන්කන් එයාලයින්ස්, සෙලාන් බැංකුව, ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සහ ජනශක්ති ඉන්ෂුවරන්ස් යන සමාගම් සහ ආයතන එවරස්ට් කන්ද තරණය කිරීමේ නිරත වන මෙම කණ්ඩායමට අනුග‍්‍රහය දක්වයි.


-036


අදහස් (0)

ජොහාන් - ජයන්ති නම්චේ බසාර් පසුකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.