Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කී‍්‍රඩා උළෙල සැප්: 3 දා සිට

ජාතික කී‍්‍රඩා උළෙල සැප්: 3 දා සිට

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 42 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා යාපනය දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජාතික මහා ක‍්‍රීඩා උළෙල කොළඹින් පිට ප‍්‍රදේශයකදී සංවිධානය කෙරෙන 25 වැනි අවස්ථාව මෙය වන අතර යාපනයේදී පැවැත්වෙන පළමු අවස්ථාව වේ. කොළඹදී 17 වරක් ජාතික මහා ක‍්‍රීඩා උළෙල සංවිධානය කර තිබේ.


මෙවර ක‍්‍රීඩා උළෙලට අලූතින් එක් වු ක‍්‍රීඩා ඉසව් 10 ත් සමග ක‍්‍රීඩා 30 ක් පැවැත්වීමට නියමිතය. ක‍්‍රීඩා නවයක් යාපනයේදී ඉතිරි කී‍්‍රඩා තරග කොළඹ සහ ඒ අවට ප‍්‍රදේශවලදී ද පැවැත්වීමට පියවර ගෙන තිබේ.


ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව් යාපනය දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර පැසිපන්දු, පාපන්දු, වෙරළ වොලිබෝල්, කබඩි සහ බොක්සිං යන ක‍්‍රීඩා තරග යාපනයේදී පැවැත්වීමට ද ක‍්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.


ක‍්‍රීඩා උළෙල සංවිධානය සදහා ක‍්‍රීඩා අමාත්‍යංශය වෙන්කර ඇති මුදල මිලියන 80 කි.


කණ්ඩායම් ඉසව්වල රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පිළිවෙලින් රුපියල් 3000, 2000 සහ 1000 බැගින් මුදල් ත්‍යාගද, කේවළ ඉසව්වල රන් පදක්කම දිනා ගන්නා ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 7500 කි.


රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගන්නා ක‍්‍රීඩකයාට හෝ කී‍්‍රඩිකාවට පිරිනැමෙන මුදල් පිළිවෙලින් රුපියල් 5000 සහ රුපියල් 3000 ක් වේ. සෑම ක‍්‍රීඩාවකදීම දක්ෂතම ක‍්‍රීඩකයාට සහ ක‍්‍රීඩිකාවට රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.


අවසන්වරට හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී බස්නාහිර පළාත සමස්ත ශූරතාව දිනාගත් අතර මධ්‍යම පළාත විසින් අනුශූරතාව හිමිකර ගන්නා ලදි. වයඹ පළාතට තෙවැනි ස්ථානය හිමිවිය.

 


අදහස් (0)

ජාතික කී‍්‍රඩා උළෙල සැප්: 3 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.