Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජල කී‍්‍රඩා සංගමයේ නිර්දේශයට වාරණ නියෝගයක්

ජල කී‍්‍රඩා සංගමයේ නිර්දේශයට වාරණ නියෝගයක්

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ජල කී‍්‍රඩා ශූරතාවලිය සඳහා කී‍්‍රඩා සමාජ වල කී‍්‍රඩකයින්ට පමණක් සහභාගි විය හැකි අන්දමට නිකුත් කර ඇති නිර්දේශය කි‍්‍රයාත්මක කිරීම වාරණය කරමින් ඔක්තෝබර් මස 02 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කිරීමට කොළඹ දිසා විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා පියවර ගත්තේය.

ජාතික ජල කී‍්‍රඩා සංගමය විසින් නිකුත් කරන ලද නිර්දේශය හේතුවෙන් විශාල පාසල් සිසුන් පිරිසකට බලපෑමක්, අසාධාරණයක් සිදු වන බව පවසමින් පාසල් සිසුවකුගේ පියෙකු ගොනු කළ පෙත්සමක් සලකා බැලූ විනිසුරුවරයා මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

ජාතික ජල කී‍්‍රඩා සංගමයේ සභාපති නෙත්රු නානායක්කාර සහ එහි ලේකම් අකී‍්‍ර අමීර් වග උත්තරකරුවන් කරමින් කොළඹ ශාන්ත ජෝශප් සිසුවකුගේ පියෙකු වන ක්ලෙමන්ට් පි‍්‍රයන්ත අබේවර්ධන ගුණසේකර මහතා විසින් මෙම නඩුව පවරා තිබිණ.

ජාතික ජල කී‍්‍රඩා සංගමය විසින් කනිෂ්ඨ හා ජාතික වශයෙන් ජල කී‍්‍රඩා ශූරතාවලියක් සංවිධානය කර ඇතැයිද එලෙස සංවිධානය කරන ශූරතාවලිය සඳහා සහභාගි විය හැක්කේ කී‍්‍රඩා සමාජ වල සාමාජිකයින්ට පමණක් යයිද සඳහන් නිර්දේශයක් පසුගිය 9 වැනිදා නිකුත් කර තිබිණ.

ජල කී‍්‍රඩා සංගමයේ එම නිර්දේශය හේතුවෙන් තම පුතා මෙන්ම ජල කී‍්‍රඩා සඳහා ඉදිරිපත් වන විශාල පාසල් සිසුන් පිරිසකට බලවත් අසාධාරණයක් සිදු වී ඇතැයිද පෙත්සම් කර කියා සිටී. ඉතාමත් අසාධාරණ මෙම ලේඛනය කි‍්‍රයාත්මක කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා ලබන මස 02 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කළේය.

වග උත්තරකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් දිසා විනිසුරුවරයා අතුරු තහනම් දැන්වීම්ද නිකුත් කළේය.

 


අදහස් (0)

ජල කී‍්‍රඩා සංගමයේ නිර්දේශයට වාරණ නියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.