ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදිවි ප‍්‍රාප්තිය නිමිත්තෙන් පැවැති ‘ජනජය 2016’ පාපැදි සවාරිය ජය ගැනීමට නාවික හමුදාවේ ඉෂාන් මධුෂංක සමත්විය.
අදියර දෙකකින් පැවැති සමස්ත තරගය පැය 7. තත්. 20.4 කින් නිම කරමින් ඉෂාන් ශූරතාව දිනා ගත්තේය. ජයග‍්‍රහී ඉෂාන් ට රුපියල් 250,000 ක මුදල් ත්‍යාගය සමඟ ශූරතා කුසලානය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන ලදී.
සමස්ත තරගයේ දෙවැනි ස්ථානය ජීවන් ජයසිංහ (පැය 7. තත්20.7) ද, තෙවැනි ස්ථානය තුෂාන් රාජපක්ෂ (පැය 7. තත්.20.7) ද ලැබුහ. ජීවන් ට රුපියල් 150000 ක මුදල් ත්‍යාග සහ කුසලානය ද, තුෂාන් ට රුපියල් 100,000 ක මුදල් ත්‍යාගය සමගින් කුසලානය ද හිමිවිය.
තරගකරුවන් 150 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (9) මාතලේ නගරයෙන් ඇරැඹී දෙවැනි අදියර ආනන්ද කුමාරස්වාමී මාවත ඔස්සේ කොළඹ නව නගරය ඉදිරිපිටින් අවසන් විය.
දෙවැනි අදියර ශ‍්‍රී ලංකා ජාතික පාපැදි පිලේ ජීවන් ජයසිංහ (පැය 3 තත් 33.37) ජයගත් අතර වරාය අධිකාරියේ ඉසුරු තරංග (පැය 3 තත්.33.46) දෙවැනි ස්ථානය ලැබීය. දෙහිවල ගල්කිස්ස පාපැදි සමාජයේ සුවාරිස් පේ‍්‍රමචන්ද්‍ර ට (පැය 3 තත්.33.46) තෙවැනි ස්ථානය හිමිවිය. දෙහිඅත්තකණ්ඩිය නගරයේ සිට මාතලේ නගරය දක්වා පැවැති පළමු අදියරෙන් ශූරයා වු ඉෂාන් මධුෂංක ජය ලැබීය.
කණ්ඩායම් ශූරතාව ශ‍්‍රී ලංකා ජාතික පාපැදි පිල දිනාගත් අතර නාවික හමුදාව එහි අනුශූරතාව හිමිකර ගත්තේය.
හොඳම යොවුන් ක‍්‍රීඩකයා ලෙස වරාය අධිකාරියේ ඉසුරු තරංග ද, දක්ෂතම කඳු තරණය කරන්නා ලෙස යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න ද සම්මාන ලැබුහ.
නාවික හමුදාවේ ඉෂාන් මධුෂංක, ස්ප‍්‍රින්ට් ක‍්‍රීඩකයා ලෙසද තෝරා ගැනුණි.
කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවැති ත්‍යාග ප‍්‍රදානෝත්සවයට තරගය සංවිධානය කළ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ ප‍්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා ද සහභාගිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.