අම්බලන්ගොඩ එගොඩගේ චෙස් ක‍්‍රීඩා පුහුණු පාසල දෙවන වරටත් සංවිධානය කරන දකුණු පළාත් අන්තර් පාසල් ෆීනික්ස් චෙස් තරගාවලිය සඳහා අයදුම්පත් ජූනි මස 01 වැනිදා තෙක් භාර ගැනේ.
සියලූම අයදුම්පත් කේෂාන් එගොඩගේ මහතා, එගොඩගේ චෙස් ක‍්‍රීඩා පුහුණු පාසල 35/5, විලේගොඩ, අම්බලන්ගොඩ ලිපිනයට යොමු කළ යුතුය.
වයස 7න් පහළ, 9න්පහළ, 11න් පහළ, 13න් පහළ හා 15න් පහළ බාලක බාලිකා වශයෙන් පැවැත්වෙන මේ චෙස් තරගාවලියට සහභාගි විය හැක්කේ එම වයස් කාණ්ඩවල පසුවන දකුණු පළාතේ පාසල්වල චෙස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පමණි.
මෙම චෙස් තරගාවලිය ජුනි මස 13, 14 දෙදින බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය. දුරකතන අංක 0779265790 හෝ 0712325127 ඔස්සේ කේෂාන් එගොඩගේ මහතා අමතා ඇමතීමෙන් තරගාවලිය සඳහා අවශ්‍ය වැඩි විස්තර ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.