විජය පුවත්පත් සමාගමේ සේවක සුබසාධක සංගමය සංවිධානය කළ ”ඞී.ආර්. විජයවර්ධන අභියෝග කුසලාන” සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව මෙවරත් හෝකන්දර ”බී” කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
නාරාහේන්පිට ”ශාලිකා” පිටියේදී පැවැති මෙම තරගාවලියට විජය පුවත්පත් සමාගමේ විවිධ දෙපාර්තමේන්තු හා අංශවලට අයත් කණ්ඩායම් 30ක් සහභාගි වූහ.
කාණ්ඩ තුනකින් තරගමාලාව පැවැති අතර ශූරතා කුසලාන අවසන් මහ තරගයේදී ජයග‍්‍රාහී හෝකන්දර ‘‘බී’’ කණ්ඩායම විසින් දැන්වීම් අංශ ”බී” කණ්ඩායම පරාජය කරන ලදී.
බඳුන ශූරතාව දිනා ගැනීමට ගිණුම් අංශ ”බී” කණ්ඩායම සමත් වූයේ අවසන් මහ තරගයේදී ප‍්‍රවාහන අංශ ”බී” කණ්ඩායම පරාජය කරමිනි.
පළඟ ශූරතාව ප‍්‍රවාහන ”ඒ’’ කණ්ඩායම විසින් දිනා ගත්තේ අවසන් මහ තරගයේදී බෙදාහැරීමේ අංශ කණ්ඩායම පරාජයට පත් කරමිනි.
මෙවර තරගමාලාවට ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව, සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව (එන්.ඞී.බී.), සෙලාන් බැංකුව, පෝර්ට් සිටි ආයතනය, ස්ටොක් ලංකා පෞද්ගලික ආයතනය සහ චිත‍්‍රපට අධ්‍යක්ෂ ප‍්‍රියන්ත කොළඹගේ මහතා අනුග‍්‍රහය දැක්වූහ.
තරගාවලියේ විශේෂ සම්මාන
ශූරතාව දිනාගත් හෝකන්දර ”බී” කණ්ඩායම
අනුශූරතාව හිමිකරගත් දැන්වීම් අංශ ”බී” කණ්ඩායම
පළඟ ශූරතාව දිනාගත් ප්‍රවාහන ”ඒ” කණ්ඩායම
බඳුන ශූරතාව දිනාගත් ගිණුම් අංශ කණ්ඩායම
●●●
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.