Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගෞරවය බෙදාගනිති

ගෞරවය බෙදාගනිති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ත්‍රිත්ව විදුහල් පිල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල අතර වාර්ෂිකව පැවැති හොකී ගැටුමේ අවුරුදු 19 න් පහළ තරගයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම ජයගත්තේය.

කෙසේ වෙතත් ත්‍රිත්ව විදුහලේ අවුරුදු 15න් පහළ කනිෂ්ඨ කණ්ඩායම සාන්ත තෝමස් විදුහලේ කනිෂ්ඨ පිල පරාජය කිරීමට සමත්විය.

අවුරුදු 19න් පහළ තරගයේදී සාන්ත තෝමස් විදුහල් පිල ගෝල 2-0 ක පහසු ජයක් ලබාගත්තේය.  අවුරුදු 15 න් පහළ තරගයේදී ත්‍රිත්ව විදුහල් පිල ගෝල 2-0 කින් ජයගත්තේය.

දෙපිල අතර 14 වැනි වරටත් පැවැති අවුරුදු 19න් පහළ තරගයේ ජයග්‍රාහකයන්ට විද්‍යාලාධිපති නෙවිල් ද අල්විස් අනුස්මරණ පළිහ පිරිනැමුණු අතර සිවුවැනි වරටත් පැවැති අවුරුදු 15 න් පහළ තරගයේ ජයග්‍රාහකයන්ට සහායම් කුසලානය පිරිනැමිනි.

මේ හොකී ගැටුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රසාද් ජිනදාස මහතා සහභාගි විය. හොකී ක්‍රීඩාවෙන් අවුරුදු 13 සිට 19 දක්වා ත්‍රිත්ව විදුහල නියෝජනය කළ ඒ මහතා එම විදුහලේ අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සහ 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරුවේය. හෙතෙම ශ්‍රී ලංකා පාසල් හොකී වර්ණලාභියෙකි.

තරග දෙකම පසුගියදා අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 


අදහස් (0)

ගෞරවය බෙදාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.