ගුවන් හමුදා සෞඛ්‍ය කලමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැති ගුවන් හමුදා අන්තර් ඒකක වූෂූ තරගාවලියේ පිරිමි සහ කාන්තා ශුරතා දෙකම දිනාගැනීමට රත්මලාන ගුවන් හමුදා මූලික කදවුර සමත් විය.
කටුනායක ගුවන් හමුදා මූලික කදවුරු කණ්ඩායම එහි පිරිමි අනු ශුරතාව හිමිකරගත් අතර රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරු කාර්මික කණ්ඩායම කාන්තා අනු ශුරතාවය හිමිකරගත්තේය.
මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශී‍්‍ර ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගි විය.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වූෂු සංචිතයේ සභාපති එයාර් කොමදෝරු ජනක කරුණාරත්න ඇතුළු ගුවන් හමුදා නිළධාරීහු රැසක්ද ඊට එක්වූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.