Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගුවන් හමුදාව හම්බන්තොට බ්ලූස් පරදවයි

ගුවන් හමුදාව හම්බන්තොට බ්ලූස් පරදවයි

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයකින් ප‍්‍රබල හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය පරදවා ලකුණු 67 - 65 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත්විය.

ආරම්භයේ පටන්ම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය නිමා වන විට ලකුණු 26 - 27 ක් ලෙස හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩකයෝ පෙරමුණ ගත්හ. තරගයේ නියමිත කාලය නිමා වන විට කණ්ඩායම් 2 ම ලකුණු 60 බැගින් ලබාසිටීම හේතුවෙන් අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරු කටයුතු කළහ.

අතිරේක කාලය කාලය තුළදී ලකුණු 7 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත්වුවත්, හම්බන්තොට බ්ලූස් කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 5 ක් පමණි.

හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජයේ මිතිල අබේසේකර ලකුණු 20 ක් රැස්කරමින් ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාසයක් පෙන්නුම් කළද තරගය ජයගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.


- 036

 


අදහස් (0)

ගුවන් හමුදාව හම්බන්තොට බ්ලූස් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.