Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගයාන්ට ලෝකඩ පදක්කමක්

ගයාන්ට ලෝකඩ පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පින්ලන්තයේ ටැම්පාරි නුවර පැවති 36 වැනි ආරාධිත ටැමර් ජාත්‍යාන්තර බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ ගයාන් ජයවීර සමත් විය.
 

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60 ට අඩු) බර පන්තියෙන් තරග වැදුණ ගයාන් ජයවීරගේ මෙම පදක්කම  ටැමර් ජාත්‍යාන්තර බොක්සිං තරගාවලියකදී ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයකු විසින් දිනාගන්නා ලද පළමු පදක්කමද වේ.
 
මෙම ජාත්‍යාන්තර බොක්සිං තරගාවලියට ජපානය, කොරියාව, පින්ලන්තය, ජර්මනිය, එංගලන්තය වැනි රටවල් 17 ක ක‍්‍රීඩකයෝ 70 ක් සහභාගි වූහ.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට ක‍්‍රීඩකයන් දෙදෙනෙක් (තිවංක රණසිංහ සහ ගයාන් ජයවීර) සහභාගි වූ අතර කියුබානු ජාතික ප්‍රොමෙතා මාතෝස් මහතා පුහුණුකරු ලෙස සහභාගි විය.

 

 

 

 

 

 

 

 

 


- 036


අදහස් (0)

ගයාන්ට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.