Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගංගාට 20 වැනි ස්ථානය
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ගංගාට 20 වැනි ස්ථානය

editorial - 2022 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 (ළය ආර) ඉසව්වෙන් තරග කළ ගංගා සෙනෙවිරත්නට එහි දෙවැනි (අවසන් පූර්ව) වටය සඳහා සුදුසුකම් ලබාගත නොහැකි විය. මූලික වට 4 නිමාවේදී වාර්තා වූ හොඳම කාලය (තත්. 58.93) වාර්තා කිරීමට කැනඩාවේ කයිල් මැසී සමත් වූවාය. එහිදී 20 වැනි ස්ථානය ලද ගංගාගේ තරග කාලය වූයේ විනාඩි 1 තත්. 06.17 කි.

ක්‍රීිඩිකාවන් 30 දෙනකු තරග කළ මෙම ඉසව්වේ මූලික වටයේ තරග 4 ක් නිමාවේදී 16 දෙනෙක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. සුදුසුකම් ලබාගත් 16 දෙනා අතරට එකම ආසියාතික ක්‍රීිඩිකාවක හෝ ඇතුළත් නොවූවාය.

අවසන් පූර්ව වටයේදී තරග කරන 16 වැන්නිය ලෙසින් සුදුසුකම් ලබාගත් බාර්බඩෝස්හි ඩැනියෙල් ටයිටස්ගේ තරග කාලය විනාඩි 1 තත්. 04.18 කි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාව සිටින්නේ ඇයට වඩා තත්ත්පර දෙකක් පමණ පසුපසිනි.

- 213

 


අදහස් (0)

ගංගාට 20 වැනි ස්ථානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.