Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කිලර් වේල් - සිරිමාවෝ පෙරමුණ ගනිති

කිලර් වේල් - සිරිමාවෝ පෙරමුණ ගනිති

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන ජාතික පිහිනුම් ශූරතාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (28) තරග අවසන් වන විට ජ්‍යෙෂ්ඨ ජාතික ශූරතාවලියේ පිරිමි අංශයෙන් කිලර් වේල් ජල ක්‍රීඩා සමාජයද, කාන්තා අංශයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලද, පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.


තෙවැනි දිනය අවසන් වන විට කනිෂ්ඨ ජාතික ශූරතාවලියේ බාලක අංශයෙන් කොළඹ ආනන්ද විදුහලද බාලිකා අංශයෙන් කොළඹ විශාඛා විදුහලද ඉදිරියෙන් සිටියේය.


කිලර් වේල් ජල ක්‍රීඩා සමාජය ක්‍රීඩා සමාජය ලකුණු 316 ක්ද සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ලකුණු 173 ක්ද ලබා සිටියේය. නාවික හමුදාව ලකුණු 238.5 ක් ලබා ජ්‍යෙෂ්ඨ පිරිමි දෙවැනි ස්ථානයේද, මහනුවර මහමායා විදුහල ලකුණු 108 ක් ලබා ජ්‍යෙෂ්ඨ කාන්තා දෙවැනි ස්ථානයේද පසුවිය.


කනිෂ්ඨ අංශයේ කොළඹ ආනන්ද විදුහල ලකුණු 123.5 ක් සහ කොළඹ විශාඛා විදුහල ලකුණු 124 ක් ද, ලබා පෙරමුණේ සිටියි. කොළඹ ශාන්ත ජෝශප් විදුහල ලකුණු 114 ක් ද, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ලකුණු 66 ක්ද, ලබා කනිෂ්ඨ අංශයේ පිරිමි සහ කාන්තා දෙවැනි ස්ථානවල පසුවෙයි.


බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් තෙවැනි දිනයේ තරගවලදී ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි මීටර 50 සමනළ ආර සහ මීටර 100 පසු පස ආර යන ඉසව් දෙකේම පළමු ස්ථාන දිනා ගැනීමට සමත් විය.


කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ෂෙවින් ද සිල්වා වයස 15 න් පහළ මීටර 50 සමනළ ආර සහ මීටර 100 පසු පස ආර යන ඉසව් දෙකේ පළමු ස්ථාන දිනා ගැනීමට තෙවැනි දිනයේ සමත් විය.


 මෙම තරගාවලිය ඊයේ (29) අවසන් වීමට නියමිතව තිබුණි.


තෙවැනි දිනයේ තරග ප්‍රතිඵල

ජ්‍යෙෂ්ඨ ජාතික ශූරතාවලිය

මීටර 200 පිරිමි - නිදහස් ආර
කේ. අබේසිංහ (විනාඩි 1:55.97)


මීටර 50 කාන්තා - සමනළ ආර
ආර්. කේ. රන්කොත්ගේ (තත්. 31.26)


මීටර 50 පිරිමි - සමනළ ආර
අකලංක පීරිස් (තත්. 25.44)


මීටර 100 කාන්තා - පසු පස ආර
අෂ්කුයියා යූසුප් (විනාඩි 1:13.44)


මීටර 100 පිරිමි - පසු පස ආර
අකලංක පීරිස් (තත්. 59.55)


මීටර 400 කාන්තා සහාය - නිදහස් ආර
සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල (විනාඩි 4:30.38)


මීටර 400 පිරිමි සහාය - නිදහස් ආර
කිලර් වේල් ජල ක්‍රීඩා සමාජය (විනාඩි 3:36.76)


කනිෂ්ඨ ජාතික ශූරතාවලිය


● 15 න් පහළ බාලිකා මීටර 200 - නිදහස් ආර
රමුදි සමරකෝන් (විනාඩි 2:20.21)


15 න් පහළ බාලක මීටර 200 - නිදහස් ආර
අම්රිත් පෙරේරා (විනාඩි 2:06.08)


15 න් පහළ බාලිකා මීටර 50 - සමනළ ආර
ශනලි පෙරේරා (තත්. 31.86)


15 න් පහළ බාලක මීටර 50 - සමනළ ආර
ෂෙවින් ද සිල්වා (තත්. 27.90)


15 න් පහළ බාලිකා මීටර 100 - පසු පස ආර
ෂෙනාලි වීරවංස (විනාඩි 1:13.22)


15 න් පහළ බාලක මීටර 100 - පසු පස ආර
ෂෙවින්ද ද සිල්වා (විනාඩි 1:05.57)


15 න් පහළ බාලිකා මීටර 200 සහාය - නිදහස් ආර
විශාඛා විදුහල (විනාඩි 2:05.49)


15 න් පහළ බාලක මීටර 200 සහාය - නිදහස් ආර
කොළඹ ආනන්ද විදුහල (විනාඩි 1:49.16)

 

 -048

 


අදහස් (0)

කිලර් වේල් - සිරිමාවෝ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.