Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කිලෝ මීටර් 1765ක් දුර දින 18ක පාපැදි සවාරියක්

කිලෝ මීටර් 1765ක් දුර දින 18ක පාපැදි සවාරියක්

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දින 18 ක රේසින් පාපැදි තරගයක් පැවැත්වීමට පාපැදි අතුරු කමිටුව තරග සංවිධායකයන් සමග සැළසුම් සකස් කරමින් සිටින බව වාර්තාවේ. දිවයිනේ වැඩි ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි සංවිධාන කෙරෙන මෙම පාපැදි සවාරියේ මුළු දුර කිලෝමීටර 1765 ක් පමණ වේ.
මෙම පාපැදි සවාරියේ ජයග‍්‍රාහකයාට රුපියල් මිලියන දෙකක ත්‍යාගයක් ලබාදීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පදවිප‍්‍රාප්තිය යෙදී තිබෙන ලබන නොවැම්බර් 18 වැනිදා පාපැදි සවාරිය ආරම්භ වීමට නියමිතය.
කොළඹ, මාතර, කතරගම, මොනරාගල, අම්පාර, මඩකළපුව, වවුනියාව, යාපනය,  නැවත වවුනියාව ඔස්සේ පුත්තලම, මහනුවර, නුවරඑළිය, රත්නපුරය, කහවත්ත හරහා කොළඹින් තරගය අවසන් කිරීමට දැනට මූලික වශයෙන් සාකච්ඡ වී තිබෙන  බවත් වාර්තාවේ.

අම්පාර සිට මඩකළපුව  දක්වා වන අදියර කාලය මැනීමේ තරගයක් ලෙස පැවැත්වෙන අතර සෑම දින හතරකට වරක් තරගකරුවන්ට විවේක දිනයක් ලබාදීමටද අපේක්‍ෂිතය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පාපැදි තරගයේ සමාරම්භක උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. මුළු තරගයේ සමාප්තිය කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසල දී සිදු කෙරේ.

තරගකරුවන්ට වඩාත් පහසුව මෙන්ම වෙහෙස අවම කිරීමට අවම කිලෝමීටර් ගණනක් දිනකට ධාවනය කිරීමට කටයුතු කෙරේ. මුල් දිනයේදී කොළඹ සිට මාතර දක්වා  තරගයේ දුර කිලෝමීටර් 140 ක් වනු ඇත.

ජයග‍්‍රාහකයාට අමතර තරගයේ සෙසු මුල්පෙළේ ස්ථාන සඳහාද රුපියල් මිලියනයක් ගණනින් තෑගි පිරිනැමෙන අතර 30 වන  ස්ථාන  තෙක් එම තෑගි මුදල් ලබාදීමටද තරග සංවිධායකයෝ අපේක්‍ෂා කරති.

”ගිරුවාපත්තුවෙන් තල්අරණට” සංවිධානය  මෙම පාපැදි සවාරියට මුල පුරා තිබෙන අතර එම සංවිධානය පසුගිය වසර කීපය තුළදීද ජනපති පදවිප‍්‍රාප්තිය වෙනුවෙන් දින කීපයක පාපැදි සවාරියක් පවත්වනු ලැබීය.

මීට පෙර මෙරටදී වැඩි දින ගනණක් පැවැත්වූ පාපැදි තරගය ලෙස දින 16 ක් පුරා  පැවැති  සාම පාපැදි සවාරිය හැඳින්විය හැකිය.
 අදියර තරග ජයග‍්‍රාහකයන් හැරෙන්නට විශේෂ කුසලතා පළකකරන තරගකරුවන්ටද විශේෂ මුදල් ත්‍යාග පිරිණැමෙති. හොඳම ධාවකයා, හොඳම කඳු තරණය කරන්නා, වේගවත්ම කී‍්‍රඩකයා, හොඳම විනයගරුක කී‍්‍රඩකයා ආදි තවත් විශේෂ ත්‍යාග ගණනාවක්ද ලබාදීමට කටයුතු කෙරේ.


අදහස් (0)

කිලෝ මීටර් 1765ක් දුර දින 18ක පාපැදි සවාරියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.