Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක‍්‍රිෂාන් - රුවිනි ශූරතා දිනති

ක‍්‍රිෂාන් - රුවිනි ශූරතා දිනති

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා විවෘත ශේ‍ණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ ක‍්‍රිෂාන් වික‍්‍රමරත්න ද, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කොළඹ මියුසියස් විදුහලේ රුවිනි කන්නංගර ද සම්මාන දිනාගත්හ.

වයස 21 න් පහළ බාලක අවසන් තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලේ තිළිණ විජේසිරි පරාජය කළ ක‍්‍රිෂාන් වික‍්‍රමරත්න, වයස 18 න් පහළ බාලක අවසන් තරගයේදී එම විදුහලේම ප‍්‍රසාද් ද සිල්වා පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූ රුවිනි කන්නංගර, කොළඹ මියුසියස් විදුහලේ දෙව්මිනී වීරසේන පරාජය කරමින් වයස 21 න් පහළ බාලිකා ශූරතාවද, කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා පරාජය කරමින් වයස 18 න් පහළ බාලිකා පහළ ශූරතාවද දිනාගැනීමට සමත්වූවාය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිනේෂ් දේශපි‍්‍රය පරාජය කළ ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ රොහාන් සිරිසේන තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගි පරාජය කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුසවිතාන විවෘත කාන්තා ශූරතාව දිනාගත්තාය.

කොළඹ ලූම්බිණි විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 519 ක් සහභාගී වූහ.

බාලක තරග ප‍්‍රතිඵල

  • වයස 10 න් පහළ

සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස හසිඳු රුද්‍රිගූ (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (8/11, 11/6, 12/10, 11/9)

  • වයස 12 න් පහළ

හිරුණ වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස තිස්ස රන්චාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/8, 7/11, 5/11, 13/11, 11/7)

  • වයස 15 න් පහළ

දිසංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස හේලිත හෙඳවිතාරණ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (14/12, 11/7, 11/5)

  • වයස 18 න් පහළ

ක‍්‍රිෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/7, 11/7, 11/5)

  • වයස 21 න් පහළ

ක‍්‍රිෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස තිළිණ විජේසිරි (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/8, 12/10, 11/5)

බාලිකා තරග ප‍්‍රතිඵල

  • වයස 10 න් පහළ

බිමන්දී බණ්ඩාර (කෑගල්ල සසෙක්ස් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස දිලිනි තෙසන්‍යා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (5/11, 11/9, 11/2, 4/11, 11/9)

  • වයස 12 න් පහළ

නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී බාලිකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (13/11, 4/11, 12/10, 8/11, 11/8)

  • වයස 15 න් පහළ

හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/9, 11/3, 6/11, 11/3)

  • වයස 18 න් පහළ

රුවිනි කන්නංගර (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/4, 6/11, 6/11, 12/10, 11/7)

  • වයස 21 න් පහළ

රුවිනි කන්නංගර (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස දෙව්මිණි වීරසේන (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/6, 12/10, 10/12, 11/6)

විවෘත තරග ප‍්‍රතිඵල

  • විවෘත පිරිමි

රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) විසින් තරග වට 4-2 ක් ලෙස දිනේෂ් දේශපි‍්‍රය (ශ්‍රී ලංකා නාවික හමුදාව) පරාජය කරන ලදි. (9/11, 11/7, 13/15, 11/7, 11/4, 11/9)

  • විවෘත කාන්තා

එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 4-0 ක් ලෙස ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) පරාජය කරන ලදි. (11/6, 11/5, 11/6, 11/8)


අදහස් (0)

ක‍්‍රිෂාන් - රුවිනි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.