| මධුක දුලාංජන තරගයේ යෙදෙද්දී |
ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියේ ඊයේ (2 වැනිදා) පැවැති කණ්ඩායම් අංශයේ තරග වලදී කොරියාව සහ ස්වීඩනය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.
කණ්ඩායම් තරගයක් සඳහා බාලක කේවල තරගයක්, බාලිකා කේවල තරගයක්, බාලක යුගළ තරගයක්, බාලිකා යුගළ තරගයක් සහ මිශ්‍ර යුගළ තරගයක් ඇතුළත් විය. කොරියාවට සහ ස්වීඩනයට එරෙහිව පැවැති කණ්ඩායම් තරග වලදී එක් තරගයක් හෝ ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අසමත් වූහ.
එහිදී තරගයක එක් වටයක් හෝ ජයගැනීමට සමත් වූයේ මධුක දුලාංජන පමණි. ස්වීඩනය සමග පැවැති තරගයේදී ෂෝන් ඒකෙන්ග්‍රෙන්ට එරෙහිව පැවැති පිරිමි කේවල තරගයේ දෙවැනි වටය ලකුණු 21/19 ක් ලෙස ජයගැනීමට ඔහු සමත් විය. කෙසේ වුවත් තියුණු තරගයකින් අනතුරුව වට 3--1 ක් ලෙස එම තරගයෙන් මධුක දුලාංජන පරාජයට පත් විය.
කණ්ඩායම් තරග ප්‍රතිඵල
ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර තරගය
■ පිරිමි කේවල -තරගයේදී ෂෝන් ඒකෙන්ග්‍රෙන් විසින් තරග වට 2--1 ක් ලෙස මධුක දුලාංජන පරාජය කරන ලදි. (21/19, 19/21, 21/17)
■ කාන්තා කේවල --තරගයේදී එමා කාර්ල්සන් විසින් තරග වට 2--0 ක් ලෙස හසාරා විජේරත්න පරාජය කරන ලදි. (21/11, 21/04)
■ පිරිමි යුගළ -තරගයේදී- ඇඩම් ගෝසී සහ කාල් හර්බැකා විසින් තරග වට 2--0 ක් ලෙස කසුන් අමරසේන සහ රන්තුෂ්ක සසිඳු පරාජය කරන ලදහ. (21/11, 21/10)
■ කාන්තා යුගළ -තරගයේදී එමා කාර්ල්සන් සහ ජොහැන්නා මැග්නුසන් විසින් තරග වට 2--0 ක් ලෙස බුත්මි ගලගමගේ සහ නයනතාරා ටෙෂානි පරාජය කරන ලදහ. (21/13, 21/08)
■ මිශ්‍ර යුගළ --තරගයේදී කාල් හැර්බැකා සහ ටිල්ඩා ස්ජූ විසින් තරග වට 2--0 ක් ලෙස ශාමික හසරංග සහ බුත්මි ගලගමගේ පරාජය කරන ලදහ. (21/08, 21/07)
ශ්‍රී ලංකාව සහ කොරියාව අතර තරගය
■ පිරිමි කේවල --තරගයේදී ශෙයොන් හියුන් සන් විසින් තරග වට 2--0 ක් ලෙස මධුක දුලාංජන පරාජය කරන ලදි. (21/06, 21/12)
■ කාන්තා කේවල --තරගයේදී යූ ජින් සිම් විසින් තරග වට 2--0 ක් ලෙස හසාරා විජේරත්න පරාජය කරන ලදි. (21/04, 21/03)
■ පිරිමි යුගළ -තරගයේදී- මින් හියුක් කෑන්ග් සහ වොන් හෝ කිම් විසින් තරග වට 2--0 ක් ලෙස කසුන් අමරසේන සහ ශාමික හසරංග පරාජයට පත් කරන ලදහ. (21/07, 21/0)
■ කාන්තා යුගළ -තරගයේදී- ගා එයුන් කිම් සහ හියැන්ග් ඉම් කිම් විසින් තරග වට 2--0 ක් ලෙස බුත්මි ගලගමගේ සහ නයනතාරා ටෙෂානි පරාජය කරන ලදහ. (21/07, 21/13)
■ මිශ්‍ර යුගළ -තරගයේදී - හයී ජියෝන්ග් කිම් සහ කියුන්ග් හූන් පාර්ක් විසින් තරග වට 2--0 ක් ලෙස ඉනුරි කුරුප්පු සහ රන්තුෂ්ක සසිඳු පරාජය කරන ලදහ. (21/08, 21/15)
ඡායාරූපය : බැඞ්මින්ටන් ලෝක සම්මේලනය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.