ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ජාතික පිහිනුම් ශූරතාවලියේ පළමු දිනය වූ ඊයේ (26 වැනිදා) පැවැති අවසන් මහ තරග වලදී ද්විත්ව ජයග්‍රහණ අත්කරගැනීමට පී. අරුක්ෂාන්, අයි. ඒ. සේනානායක, කේ. ඩී. මුණසිංහ, තිමාලි බණ්ඩාර සහ කේ. පී. ද සිල්වා යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඉකුත් මාසයේදී පැවැති දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 7 ක් දිනාගත් කයිල් අබේසිංහ, ඊයේ දිනයේදී සිය ප්‍රියතම ඉසව්වක් වන විවෘත පිරිමි මීටර් 200 මිශ්‍ර ආර ඉසව්ව ජයගත්තේ විනාඩි 2:14.54 කින් තරගය නිමා කරමිනි.
කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ 51 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 303 ක් සහභාගි වෙති.
ජයග්‍රාහකයෝ සහ ජයග්‍රාහිකාවෝ
බාලිකා වයස 15 න් පහළ මීටර් 400 නිදහස් ආර
රමුදි සමරකෝන් (විනාඩි 4:56.21)
බාලක වයස 15 න් පහළ මීටර් 400 නිදහස් ආර
පී. අරුක්ෂාන් (විනාඩි 4:34.21)
විවෘත කාන්තා මීටර් 400 නිදහස් ආර
අයි. ඒ. සේනානායක (විනාඩි 4:47.83)
විවෘත පිරිමි මීටර් 400 නිදහස් ආර
ඩිලංක ෂෙහාන් (විනාඩි 4:12.50)
බාලිකා වයස 15 න් පහළ මීටර් 50 ලය ආර
ශනාලි පෙරේරා (තත්ත්පර 37.29)
බාලක වයස 15 න් පහළ මීටර් 50 ලය ආර
ප්‍රමේෂ් කුරේ (තත්ත්පර 33.33)
විවෘත කාන්තා මීටර් 50 ලය ආර
මොනාලි වීරක්කොඩි (තත්ත්පර 36.67)
විවෘත පිරිමි මීටර් 50 ලය ආර
කේ. ඩී. මුණසිංහ (තත්ත්පර 31.15)
බාලිකා වයස 15 න් පහළ මීටර් 200 මිශ්‍ර ආර
තිමාලි බණ්ඩාර (විනාඩි 2:42.51)
බාලක වයස 15 න් පහළ මීටර් 200 මිශ්‍ර ආර
පී. අරුක්ෂාන් (විනාඩි 2:23.39)
විවෘත කාන්තා මීටර් 200 මිශ්‍ර ආර
මෙලානි ප්‍රනාන්දු (විනාඩි 2:42.58)
විවෘත පිරිමි මීටර් 200 මිශ්‍ර ආර
කයිල් අබේසිංහ (විනාඩි 2:14.54)
බාලිකා වයස 15 න් පහළ මීටර් 100 සමනල ආර
තිමාලි බණ්ඩාර (විනාඩි 1:12.54)
බාලක වයස 15 න් පහළ මීටර් 100 සමනල ආර
සංදේව් සේනාරත්න (විනාඩි 1:02.25)
විවෘත කාන්තා මීටර් 100 සමනල ආර
ආර්. කේ. රන්කොත්ගේ (විනාඩි 1:10.83)
විවෘත පිරිමි මීටර් 100 සමනල ආර
කේ. පී. ද සිල්වා (තත්ත්පර 58.03)
විවෘත කාන්තා මීටර් 200 පසුපස ආර
අයි. ඒ. සේනානායක (විනාඩි 2:32.33)
විවෘත පිරිමි මීටර් 200 පසුපස ආර
අකලංක පීරිස් (විනාඩි 2:15.95)
විවෘත කාන්තා මීටර් 400 මිශ්‍ර ආර (සහාය)
වී. කළුආරච්චි
ටී. ටී. සෙනෙවිරත්න
එස්. එස්. හේරත්
සඳලි ඉනූපමා
විවෘත පිරිමි මීටර් 400 මිශ්‍ර ආර (සහාය)
වී. ජී. කෞෂල්‍ය
කේ. ඩී. මුණසිංහ
කේ. පී. මානවඩු
කේ. පී. ද සිල්වා
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.