Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports උදය - මුතුමාලි කනිෂ්ඨ ශූරතා දිනති

උදය - මුතුමාලි කනිෂ්ඨ ශූරතා දිනති

රොෂාන් ගුණරත්න - 2017 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ 70 වැනි ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහද, බාලිකා ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ මුතුමාලි ප්‍රියදර්ශනීද සමත් වූහ. උදය රණසිංහ ජාතික කනිෂ්ඨ ශූරතාව දිනාගත් සිව්වැනි අවස්ථාව මෙය වන අතර වයස 18 න් පහළ බාලක කේවල සහ 18 න් පහළ බාලක යුගළ ඉසව්වල ශූරතා දිනාගනිමින් ඔහු මෙවර තරගාවලියේ ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවේය.


බාලක කේවල අවසන් මහ තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලේ ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කළ උදය, බාලක යුගළ අවසන් මහ තරගයේදී ක්‍රිෂාන් වික්‍රමරත්න සමග එක්ව විද්‍යාර්ථ විදුහලේම ක්‍රීඩකයන් වන ප්‍රසාද් ද සිල්වා සහ දිනේෂ් කවිෂ්ක පරාජය කිරීමට සමත් විය.


මුතුමාලි ප්‍රියදර්ශනී ජාතික කනිෂ්ඨ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර ඇය එම ශූරතාවට හිමිකම් කීවේ බාලිකා වයස 18 න් පහළ බාලිකා කේවල ඉසව්වේ ශූරතාව දිනාගනිමින් සහ 18 න් පහළ බාලිකා යුගළ අනු ශූරතාව හිමිකර ගනිමිනි.


බාලිකා කේවල අවසන් මහ තරගයේදී කොළඹ විශාඛා විදුහලේ චමත්සරා ප්‍රනාන්දු පරාජය කිරීමට මුතුමාලි සමත් වුවද, බාලික යුගළ අවසන් මහ තරගයේදී කොළඹ විශාඛා විදුහලේ චමත්සරා ප්‍රනාන්දු සහ හංසනී පියුමිලා හමුවේ පරාජය වීම නිසා මුතුමාලිට සහ ඇගේ සහයක ක්‍රීඩිකාව වූ මහනුවර මහාමායා විදුහලේ තනුෂි රොද්‍රිගූට අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.


බාලිකා යුගළ ශූරතාව සහ බාලිකා කේවල අනු ශූරතාව තමන් සතුකරගත් චමත්සරා ප්‍රනාන්දු, ඉන් නොනැවතී කොළඹ ආනන්ද විදුහලේ සුපුන වරුසවිතාන සමග එක්ව මිශ්‍ර යුගළ ශූරතාව දිනාගැනීමටද සමත් වූවාය. අවසන් මහ තරගයේදී කොළඹ ආනන්ද විදුහලේ සන්දේෂ් නිස්සංක සහ හංසනී පියුමිලා පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.


ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 කට අධික පිරිසක් සහභාගී වූහ.


අවසන් තරග ප්‍රතිඵල

බාලක කේවල

උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3--2 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි.


බාලක යුගළ

උදය රණසිංහ සහ ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3--1 ක් ලෙස ප්‍රසාද් ද සිල්වා සහ දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදහ.


බාලිකා කේවල

මුතුමාලි ප්‍රියදර්ශනී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) විසින් තරග වට 3--1 ක් ලෙස චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාඛා විදුහල) පරාජය කරන ලදි.


බාලිකා යුගළ

හංසනී පියුමිලා සහ චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාඛා විදුහල) විසින් තරග වට 3--2 ක් ලෙස මුතුමාලි ප්‍රියදර්ශනී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) සහ තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදහ.


මිශ්‍ර යුගළ

සුපුන වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) සහ චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාඛා විදුහල) විසින් තරග වට 3--2 ක් ලෙස සන්දේෂ් නිස්සංක (කොළඹ අනන්ද විදුහල) සහ හංසනී පියුමිලා (කොළඹ විශාඛා විදුහල) පරාජය කරන ලදහ.

 

 


අදහස් (0)

උදය - මුතුමාලි කනිෂ්ඨ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.