මහනුවර දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය සංවිධානය කළ මධ්‍යම පළාත් ‘තෝමස් කර්ෂෝ’ අභියෝගතා කුසලාන මේසපන්දු තරගාවලියේදී ද්විත්ව ශූරතා (විවෘත සහ වයස 18 න් පහළ) දිනාගැනීමට උදය රණසිංහ සහ ප්‍රවීණා සිල්වා සමත්වූහ.
විවෘත අවසන් මහ තරගයේදී මාස් හෝල්ඩිංග්ස් කී‍්‍රඩා සමාජයේ නිර්මල ජයසිංහ පරාජය කරමින් ශූරතාව දිනාගත් මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ, වයස 18 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී එම විදුහලේම ප්‍රසාද් ද සිල්වා පරාජය කරමිනි.
අවසන් තරගයේදී මහාමායා විදුහලේ සමාධි හෙට්ටිආරච්චි පරාජය කරමින් විවෘත කාන්තා ශූරතාව දිනාගත් මහනුවර උසස් බාලිකා විදුහලේ ප්‍රවීණා සිල්වා, මහනුවර මහාමායා විදුහලේම කී‍්‍රඩිකාවක වන ශේෂලා බණ්ඩාර පරාජය කරමින් වයස 18 න් පහළ ශූරතාවට හිමිකම් කීවාය.
තරගාවලියේ නැගී එන කී‍්‍රඩකයා ලෙස වයස 10 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගත් මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ ධනුෂ්ක විජේසිංහ සම්මාන දිනාගත් අතර නැගී එන කී‍්‍රඩිකාව ලෙස වයස 8 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගත් මහනුවර උසස් බාලිකා විදුහලේ දිමංගි රාමනායකද සම්මාන දිනාගත්තාය.
ජගත් රාජපක්ෂ මේසපන්දු කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා පාසල් 40 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 450 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූහ.
තරග ප්‍රතිඵල (බාලක)
වයස 8 න් පහළ
විහඟ ගිම්හාන (මහනුවර ධර්මරාජ විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස කසුන් චාමර (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/6)
වයස 10 න් පහළ
ධනුෂ්ක විජේසිංහ (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස කේ. ආර්. එම්. රෂීඞ් (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/5)
වයස 12 න් පහළ
චන්දුප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සවින්ද තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/9, 9/11, 7/11, 11/2, 11/9)
වයස 15 න් පහළ
පී. ඞී. යූ තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චතුර ගුණසේකර (සසෙක්ස් විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/6, 11/5)
වයස 18 න් පහළ
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ප්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (6/11, 11/7, 11/9, 6/11, 11/7)
තරග ප්‍රතිඵල (බාලිකා)
වයස 8 න් පහළ
දිමංගි රාමනායක (මහනුවර උසස් බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සවිනි රත්වත්තේ (මහනුවර උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/9, 11/5)
වයස 10 න් පහළ
තරනි ගලගොඩ (හිල්වුඞ් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස කවිනි මාරපොළ (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (14/12, 13/11)
වයස 12 න් පහළ
දිනිති දිසානායක (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස පූජානි විතාරච්චි (මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය) පරාජය කරන ලදි. (11/9, 6/11, 11/4, 11/7)
වයස 15 න් පහළ
ශේෂලා බන්ඩාර (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඕචිනි දිසානායක (මහනුවර මහාමායා විදුහල* පරාජය කරන ලදි. (11/6, 11/6, 11/6)
වයස 18 න් පහළ
ප්‍රවීණා සිල්වා (මහනුවර උසස් බාලිකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ශේෂලා බන්ඩාර (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/9, 11/6, 6/11, 11/7)
විවෘත තරග ප්‍රතිඵල
විවෘත පිරිමි
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස නිර්මල ජයසිංහ (මාස් හෝල්ඩිංස්) පරාජය කරන ලදි. (11/6, 11/4, 11/8)
විවෘත කාන්තා
ප්‍රවීණා සිල්වා (මහනුවර උසස් බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සමාධි හෙට්ටිආරච්චි (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (15/13, 11/7, 11/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.