Last Update  :  2025-12-12 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඊවා කුසලාන දැල්පන්දු තරගමාලාවට ඉසව් 6ක්

ඊවා කුසලාන දැල්පන්දු තරගමාලාවට ඉසව් 6ක්

editorial - 2025 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බස්නාහිර පළාත් දැල්පන්දු (නෙට්බෝල්) සංගමය සංවිධානය කරන ඊවා කුසලාන විවෘත දැල්පන්දු තරගමාලාව සදහා ජනවාරි 23 වැනිදා තෙක් කණ්ඩායම් වෙතින් අයැදුම්පත් බාර ගැනේ.එය ප්‍රධාන කාණ්ඩ හතරකින් පැවැත්වේ.

එහිදී පාසල්  කාණ්ඩය වයස්  කාණ්ඩ තුනකින් සමන්විතය.දිවයිනේ ඕනෑම දැල්පන්දු කණ්ඩායමකට සුදුසු  කාණ්ඩයක් යටතේ මෙම තරග මාලාවට අයැදුම් කළ හැකිය.

තරගමාලාව ජනවාරී 31 හා පෙබරවාරි 1 යන දිනවල කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ - විවෘත කාන්තා හා පිරිමි  කාණ්ඩය,බී - විවෘත කාන්ඩය, වයස 40 න් ඉහළ (ප්‍රවීනයන්ගේ)  කාණ්ඩය හැරෙන්නට පාසල්  කාණ්ඩය වයස 15 න් පහළ,17 න් පහළ හා 19 න් පහළ පරිදි  වයස්  කාණ්ඩ තුනකින් සමන්විතය.

සමස්ත ලංකා මට්ටමේ දැල්පන්දු තරගාවලියක් වඩාත් සාර්ථක ලෙස සංවිධානය කරන දිවයිනේ එකම ප්‍රාදේශීය දැල්පන්දු සංගමය බවට එහිදී බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය පත්ව සිටියි.ඒ සදහා ඊවා සනීපාරක්ෂක තුවා සන්නාමය යටතේ අයි.සී.එල්.බ්‍රැන්ඩික්ස් (පෞද්ගලික) සමාගම මෙවරත් අනුග්‍රහය දක්වයි.

ජනවාරි 28 වැනිදා පස්වරු 5 ට කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යාතනයේදී තරග කාල සටහන එළි දැක්වේ. පාසල් කණ්ඩායම් තරග අයැදුම්පත් ගාස්තුවෙන් නිදහස් කර ඇතැයි තරග සංවිධායකයෝ පවසති.

තරග අයැදුම් පත්‍ර ලබා ගැනීම හා බාරදීම නිමාලීකා තුෂාන්ති, තරග ලේකම්, 46/20/1, ගැමුණු මාවත, හුනුපිටිය, වත්තල හෝ කුමුදුණී ගෝමස්, ලේකම්, බස්නාහිර දැල්පන්දු සංගමය,16/ ඒ, ගෝමස් පාක්, කොළඹ 5 යන ලිපින ඔස්සේ සිදු කළ හැකිය.දුරකථන අංක 076 - 1717286 හෝ 0777392650 ඔස්සේ තරගාවලිය පිළිබදව විමසීම් කළ හැකිය.

 

කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ඊවා කුසලාන දැල්පන්දු තරග මාලාවට   බ්‍රෑන්ඩ්ක්ස් ප්‍රයිව්ට් ලිමිටඩ් සමාගමේ අනුග්‍රාහය ප්‍රදානය කළ අයුරු.එම සමාගමේ අධ්‍යක්ෂ (අලෙවි) ක්‍රිෂාන්ත ගුණරත්න,  කාණ්ඩ කළමනාකරු නදීෂා ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී රොනී චාකෝ, බස්නාහිර පළාත් දැල්පන්දු සංගමයේ සභාපති කයිල් ටොසර්, එහි ලේකම් කුමුදුණී ගෝමස්, තරග ලේකම් නිමාලිකා තුෂාන්තී යන මහත්ම මහත්මීහුද මෙහි වෙති.


අදහස් (0)

ඊවා කුසලාන දැල්පන්දු තරගමාලාවට ඉසව් 6ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.