Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඉන්දීය යුද හමුදා හොකී පිල එයි

ඉන්දීය යුද හමුදා හොකී පිල එයි

ශනුක අරවින්ද - 2016 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග 4 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා ඉන්දීය යුද හමුදා හොකී කණ්ඩායම හෙට (27 වැනිදා) දින දිවයිනට පැමිණීමට නියමිතය.

ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම සමගින් තරග 3 කටද, වෙළෙඳ සේවා හොකී කණ්ඩායම සමගින් තරගයකටද සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු තරගය අනිද්දා (28 වැනිදා) පැවැත්වෙන අතර වෙළෙඳ සේවා හොකී කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය 29 වැනිදා පැවැත්වේ.

ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ඉතිරි තරග දෙක 30 වැනිදා සහ 31 වැනිදා පැවැත්වෙන අතර මෙම සියලූම තරග පස්වරු 4.00 සිට කොළඹ කෘතිම හොකී කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

-036

 


අදහස් (0)

ඉන්දීය යුද හමුදා හොකී පිල එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.